Facebook Chat කරන්නේ පරිස්සමට හොඳේ


දහනම හැවිරිදි ශිෂයයෙකු සමඟ 20 හැවිරිදි තරුණියක කෙරුණු සංවාදය (facebook chat) කි.

…………………………………………………………………………………………….
(ඉංග්‍රීසියෙන් ටයිප් කරලා තියෙන්නේ කොල්ලා. කෙල්ල සම්පූර්ණ සිංහලෙන් :)
May 13 10:09pm

Hi
හායි

where are you from?
ෆ්‍රොම් ෆේස්බුක්

no
Live in?
මගේ ‍ප්‍රොෆයිල් එක බලන්නකෝ

ok
oya A/L karala iwarada?
ඔව්

monawada kare akki?
උසස් පෙළ

hari hari
mama ahanne subject eka?
ඔයා මාව දන්නවාද?

naaaaaaaa
hamoma danagena ah chat karanne
ගණිත විෂය ධාරාව

mamath ekama thama karanne
hari easy ne
ඔයාට කෙල්ලෙක් ඉන්නවද?

enek gana hopes thibuna
but mama eyagen exam iwara unama ahanna kiyala hitiye
mama parakku wadi
ඇයි මොකද උනේ

wena kenek ekka yalu wela
monawa karannada?
dan kale kello ohoma thama
ඇයි ඔයාත් වෙන කෙනෙක් එක්ක යාළු නොවෙන්නේ
ඇයි එහෙම කියන්නේ. කොල්ලෝ හොඳයි ද?

mata ba
mama eyata serious iove kare
sorry
love
ඔයාට වයස කීයද?

yesterday mage birthday eka
19
සුබ උපන් දිනක් වේවා මල්ලියෝ

thank you so much akki
ඔයා ආදරේ කරපු කෙනා ගොඩක් ලස්සනද?

godakma na
lassanai
ඇයි ඔයා එයාට ආදරේ කළේ

eya hari ahinsakai
kawadawath trousers adinne na
skirt witharai adinne
study walata harima dakshai
ඒ නිසාමද ආදරේ කලේ. එයා trousers ඇන්දොත් තරයා වෙනව ද?
එයා ෆේල් වුනොත් තරහා වෙනවද?

ශ්‍රී ලංකාවේ ගණිකාවෝ


මා අසා ඇති පරිදි ලොව පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය ය. ගණිකා වෘත්තියේ ආරම්භය/ අතීතය හෝ විකාශනය පිළිබඳ මෙලෝ හසරක් මා නොදන්නා නමුත් එහි වර්ථමාන තත්වය පිළිබඳ අත්දැකීම් දිනෙන් දින එකතුවන බැවින් ඒ ගැන ලිවීමට සිතුනි.

මා දැන් කොළඹ පදිංචි වී වාගේ සිටියත් මා වැඩිකාලයක් ගතකලේ ගාල්ලේ ය. මා එහි සිටින කාලේ පටන් මාගේ හොඳම මිතුරන් අතර එක් අයෙකුට අපූරු හැකියාවක් තිබිණ. ඒ දිනවල මට ඒ හැකියාව මැජික් ය. ඔහු කාන්තාවක් දෙස බලා ඇය ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් දැයි නැත්දැයි කිය යි.ඔහුත් සමඟ ගාල්ල නගරයේ තරමක් සවස් භාගයේ ඇවිදීමට සිදුවුවහොත් ඔහු අනිවාර්යයෙන්ම ගණිකාවන් යැයි කියා කාන්තාවන් දෙතුන් දෙනෙකුවත් පෙන්වයි. ඔහු එසේ කීවත් එවකට මා එය පිලිගත්තේ නැත. කොළඹ නගරයේ මෙවැනි කාන්තාවන් වෙසෙන බව අසා තිබුනත් ගාල්ල නගරය පිලිබඳ මාගේ හැඟීම ඒ තරම් නොවීය. අනෙක එසේ ඔහු පෙන්වන කාන්තාවන්ට රූ සපුවක් තබා ප්‍රියමනාප පෙනුමක්වත් නැතිවා මෙන්ම ඔවුන් පිරිසිදුකම ගැනවත් තකන අයබව නොපෙනුනි. මගේ සිතිවිල්ල අනුව නම් කිසිදු පාරිභෝගිකයෙකු එවැනි බාල තත්වයේ භාණ්ඩයක් මිල දී ගනු නොමැති බව යි. නමුත් ඒ සිතිවිල්ල සීමා වූයේ ටික කාලයකට පමණි.

දිනක් මධ්‍යම රාත්‍රියට ආසන්න වේලාවක මමත් තවත් මිතුරන් කිහිපදෙනෙකුත් නගරයේ පෝස්ටර් වගයක් ඇලවීමට ගියෝ ය.අප දුම්රිය මඟට ඉහලින් වූ පාලමේ පෝස්ටර් ඇලවීමට ඒ මතට පැමිනි විට එහා කෙලවරේ සරමක් පොරවාගත් තරබාරු මිනිසෙක් බිම වැතිරී සිටිනු දක්නට ලැබිනි.

ඒ මිනිසා දුටු මා කලින් සඳහන් කල මිතුරා එක්වරම “අඩෝ.......!!! “ කියාගෙන ඉදිරියට දිව ගියේ ය. සිදුවන්නේ කුමක් දැයි යන වැටහීමක් මට නොතුබුනු මුත් අපිත් ඉබේටම වාගේ “අඩෝ, මරනෝ යකෝ.......!!! “ කියාගෙන ඔහු පස්සේ දිව ගියෙමු. ඒ ඇසුනු මිනිසා එක් වරම නැගිට පස්ස නොබලා පාලමේ අනෙක් පසට දිව ගියේ ය. ඒ මිනිසා ගිය පසු දුටු දර්ශනයෙන් අපි සියළු දෙනාම පාහේ අපහසුතාවයට පත් විය. ඒ මිනිසාට යටවී සිටියේ හරිහැටි ඇඳුමක් ඇඟේ නැති, අප්‍රසන්න, කාල වර්ණ, මැදිවියේ කාන්තාවකි. ඇයට එක්වරම සිදුවූ දේ සිතාගැනීමට බැරිවා සේ මඳක් අපහසුවෙන් නැඟිට මිනිසා දිවු දෙසට දිව ගියා ය.
සියල්ලෝම මද වේලාවක් යනතෙක් නිහඬ ය.

“උඹ මොකද බං එක පාරටම දිව්වේ. කොහොම ද ඔය සීන් එක දැනගත්තේ ? “ මා හඬ අවදි කලෙමි.

“කවුද බං ඕක නොදන්නේ. මෙතන ඕවට හරි ප්‍රසිද්ධ යි බං.“

ඒත් මගේ හිතට නම් සැනසීමක් නැත. හිත ඇතුලේ ප්‍රශ්න ගොන්න කි. ඇයි මුන් මෙහෙම ඉන්නේ...? කසාදයක් කරගන්න බැරි එවුන් ද...? ඇයි මේ ගෑනු මෙහෙම තමන්ගේ ආත්මයම විකුණගෙන කන්නේ...? වෙන රස්සාවල් නැත් ද මේ ලෝකේ...? ඒ මදිවට ප්‍රසිද්ධියේ...? ඒත් ඒවා ඇහුවොත් මිතුරන් මට කින්ඩි දමනු ඇත. ඒ නිසා ඒ සිදුවීම එතනම වළ දමා ආවෙමි.

ඉන් බොහෝ කලෙකට පසු මම දෙහිවල බෝඩිමක නවාතැන් ගත්තෙමි. බෝඩිම ඇත්තේ ගාලු පාරෙන් මුහුද දෙසට වූ පටු මාර්ගයක ය. ඒ මාර්ගය දෙපසම උස් තාප්ප ගසා ඇත. එක් පසෙක ඇත්තේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලය කි. මාර්ගය කෙළවර වන්නේ වෙරළෙනි. දහවල් කාලයේ ඒ මාර්ගයේ ඇවිදින විට දකින, බිම වැටී ඇති දේ වලින්ම මේ පටු මාර්ගය රාත්‍රියේ ගමන් කිරීමට එතරම් සුදුසු නොවන බව මම තේරුම් ගත්තෙමි.
මම ආහාර ගන්නේ බෝඩිමේම මිතුරන් සමඟ ගාලු පාරට ගොස් එහි ආපනශාලාවකින් ය.

අපි ඔක්කොම Shadow Star

කුරුල්ලාගේ ආශ්චර්යයේ දියණියෝ කථාවෙන් පස්සේ නිතරම තවත් ලියන්නට හුඟක් දේවල් සිද්ධ වුවත් ලියන්නට වෙලාවක් සොයාගැනීම පට්ට අමාරු කේස් එකක් විය. හැමදාම රෑට ලියන්නට සිතා ලැප දිග ඇරගෙන ඇඳට ආවත් ටික වේලාවකින් ලැප උඩ දොයිය බබාය. ඉස්සර වගේ නිතර නිතර ගම් පොජ්ජට මංගඡ්ඡන්න වෙන්නේ නැති නිසා කෝච්චියේ වාඩිවී ලියන්නට අවස්ථාවක් ලැබුනේ ද නැත.

මා උපන්තේකට බ්ලොග් තියා හරිහමන් ලියුමක්වත් ලියා නොමැති නිසා මේ අටමගල ලියන්න පටන් ගත්තේ පට්ට බයෙන් ය. නොදන්න මඟුල් කරන්නට ගොස් වරිගය නහගන්න වුනොත් විලි ලැජ්ජාවේ සන්තෝසයේ බැරි ය. මේ වන තෙක් මං ගැන මෙලෝ හසරක් නොකිවුවේ ඒ නිසා ය. ඒත් දැං දැං රට්ටු කිහිපදෙනෙක් මා ගැන දන්නී ය. ඒත් බොහෝ දෙනා නොදන්නේ ය. එක් කිරිල්ලියක් මා ඉදිරියේම කුරුල්ලාට බැන්නාහු ය. ඈ කියන්නේ කුරුල්ලාගේ හොට (කට) හොඳ නෑ කියා ය. ඒත් බොහෝ දෙනා හොඳ කිව්වෝ ය. ඒ ගැන නම් බොක්කෙන්ම ස්තුති ය.

දැං දැං Grand Finale (ග්‍රෑන්ඩ් ෆිනාලේ) exam වලට ලඟ ය. පුපුව හෝස් ගා පත්තු වන්නේ එවිට ය. ෆිල්ම් බලන්න, බ්ලොග් ලියන්නවත් වෙලාවක් නැති මට පොතක් නම් පේන්නේවත් නැත. ඒ මදිවට දැන් අපට අපේ ලෙක්චර්ස් අතරේ ලියන්නට ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්නී ය. එය ට එක්තරා ලෙක්චරර් නෝනා කෙනෙක් කීවේ ගුණ දොස් කොලේ කියා ය. අපි ඒ කොලේ අපේ ආදරණීය ලෙක්චරස් ලා ගැන ලිවිය යුතු ය. මට නං ඉතිං කවුරුත් එක ය.  ලෙක්චර්ස් මට ඉංගිරීසි චිත්‍රපටයක් වැනි ය. මෙලෝ හසරක් තේරෙන්නේ නැත. උදේ ඉඳන් රෑ වනතෙක් එක එක්කෙනා ඇවිත් රඟපාන්නෝ ය. මමත් රඟපෑම අවසානයේ අප්පුඩි ගසන්නී ය. විහිළුවක් දෙකක් කරොත් ඒ රඟපෑම හොඳ ය. නැත්නම් චිත්‍රපටය ෆේල් ය. ඉඳින් ඒ ගුණ දොස් කොලේ මාගේ මට්ටමින් ඒ උත්තම ලෙක්චරස්ලා ගැන ලියුවොත් එය ආන්නතරීය පාප කර්මය කි. ඒ නිසා ඔක්කෝම ලෙක්චරස්ලාට හරියන්න කියා මෙසේ ලියා තැබුවෙමි.

නොතේරුනොත් Mind Star
ලස්සන නම් Loving Star
Joke කලොත් Comedy Star
ගොං පෑවොත් Dancing Star
නින්ද ගියොත් Dream Star
අපි ඔක්කොම Shadow Star

ආශ්චර්යයේ දියණියෝ



SLIIT එකට ගිය පළමු දවස ගැන කුරුල්ලාගේ සටහන මතක ඇතැයි සිතමි. මතක නැත්නම් මෙතනින් බලාගන්න. එදා දවස ගැන නම් එතනින් එහාට මෙහි පළකිරීමට නොහැක. මන්ද අවුරුදු 3ට වැඩි ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය භාවිත කිරීමේ අයිතිවාසිකමක් ඇත්තේය. ඉඳින් ඒවා මෙහි පළ කිරීමට නොහැක.

කාලයත් සමඟ “එස් ඇල් අයියයි ටී“ ය කෙමෙන් කෙමෙන් මට පුරුදු ඉස්ථානයක් බවට පත් විය. කොමන් රූම් මට කොහොමත් කොමන් ය. මන්ද දවසේ වැඩි හරියක් ගතවන්නේ එහි ය. අපේ සැට් එකේ කිරිල්ලියන් කිහිප දෙනාට ද ලෙක්චර්ස් කප්පාදු කිරීම සිම්පල් කේස් ය. ඒ නිසා ඔවුන්ට ද කොමන් රූම් කොමන් ය. ඉඳින් මට ද කොමන් ඒරියාවෙන් යන්නට සිත දෙන්නේම නැත. මේ කිරිල්ලියන් අතරේ ඇහැට මෙන්ම කනට ද පේන කිරිල්ලියන් කිහිප දෙනෙකුම සිටින්නේ ය. ඒ අතරින් රූබර සුකුමාල මට සිළුටු දෙමළිච්චියක් උන්නා ය. ඇයට සිංහල නම් ලොවෙත් බැරි ය.ඒත් කඩ්ඩ නම් දෙපැත්තම කැපේ. මගේ මොට කඩ්ඩෙන් සටනට ගියොත් කපාගන්න වෙන නිසා මම යුද්ධයට නොගියා ය.


ඇය ගැන විශේෂයෙන් කීවේ එක් හේතුවක් නිසා ය. ඈ ඇවිදින විට තම පශ්චාත් භාගයට ( එහෙත් එය භාගයක් නොව අම්බානක රබානක් වැනි සම්පූර්ණ එකකි ) තම පශ්චාත් පෙදෙසට අත තබාගෙන ඇවිදීම ඇයගේ සිරිතකි. මුල් දවසේ නම් මා සිතුවේ දවල්ට වැඩිපුර කා පශ්චාත් භාගය බර වී ඇතැයි කියා ය. එහෙත් ඇය හැමවිටම එසේ ය. ඒ මදිවට ඇවිදින්නේ ද රුවිතයට ය. එනම් ඈ අඩියක් තබා අනෙක් අඩිය තබන්නේ ඉදිරියෙන් නොව, අංශක විසි තුනහමාරක් ඇදේට ය. ඒ නිසා ඇය ඇවිදිනු දකින විට මට පෘතුවිය ආනතව පිහිටන බව නිරායාසයෙන්ම මතකයට නැගේ. මාගේ තීක්ෂණ නුවන අනුව නම් ඇය එසේ ඇවිදින්නේ ඇයගේ ගාත් අතර කුමන හෝ තියුනු යමක් සිරවී ඇති නිසා විය යුතුය. බොහෝ විට එය වෙරළු ඇටයක් විය හැක.


කුරුල්ලා ස්ලිට් (SLIIT) යයි

ඔන්න ඉතිං කුරුල්ලා නමෝ විත්තියෙන් වැඩක් පටන් ගත්තේ ය. කුරුල්ලාගේ උසස් පෙළ ප්‍රතිඵල හිතපු තරම් හොඳ වුනේ නැති නිසා කුරුල්ලා නන්නත්තාර වුනා නෙව. කර කියාගන්න දෙයක් නැතුව පෙ‍ඳේ අධෝ මුඛේ ගහගෙන කල්පනා කරපු කුරුල්ලට SLIIT කියන නම දැනගන්න ලැබුනේ කොළඹ කාක්කෙක්ගෙන් ය. ඒක විස්ස විද්දියාලයක්ලු ඕං. කොළොං පුරේ මොණර මොණරියොලු යන්නේ. මේ කුරුල්ලා මොණරෙක් දකින්නවත් නැති එකෙක් වුනත්, ඕන පෙඳයක් පාන් පෙත්තක් කියලා හිතලා ඒ විස්ස විද්දියාලෙට සෙට් වුනා ය. ( මොණර කොළ හොයාගන්නත් සිරි ගේමක් දෙන්න වුනි ය. ඒ ගැන පස්සේ කියන්නෙමි )


අෆ්ෆට සිරිවෙන තැනක් නෙව ඒක. කිරි අප්පට හුලං ගහපි. දත් සැට් එක පූට්ටුවෙන හීතලක් බං ඒකෙ තියෙන්නේ. අපේ ගෙදර වහළෙ හිල් වලින් වතුර වැටුනට ඒකේ හිල් වලින් එන්නේ හුලං ය. ඇතුලට ගිහින් පඩියක් උඩ වාඩි වෙලා හිටියත් සැප ය. හැබැයි මේකේ පඩි පේළිය නං හිටු කියල දුවන්නේ ය. අඩියක් ගහන්න බැරි ය. නිකං හරි කෙළ වෙලා වැට්ටොත් අමුඩෙත් එක්කම මාට්ටුය. ඒ නිසාම පුටුවක් ඇදගෙන වාඩි වුනේ බස් එකේ ඇවිත් පොට පැනල තිබ්බ අඬු පඬු ටිකක් සෙට් කරගෙනම කන්ද නගින්න හිතාගෙන ය. තට්ටු 15ක් නඟින එකත් ලේසි කෙළියක් නෙවෙයි නෙව.


හීතලටමද කොහෙද සිරිවෙන්න මූත්‍රා බරක් සෙට් වෙලා ය. ඕකත් තද කරගෙන මේ අටමගල නගින්න ගියොත් තව කෙළියක් ය. මෙච්චර කාලයක් ගහක් මුලට ගිහින් බර හෑල්ලු කරගත්ත මට මොන වැසිකිලි ද. සිහිල් සුවය විඳිමින් ඒ ලබන සැහැල්ලුව මට සිලිටුය. ඉස්කෝලෙ ගියත් වැස්සකට මිස වැසිකිළියට නොගිය මට වැසිකිලි අප්පිරිය ය. ඒත් මේ අහල පහළක ගහක් තියා ගහක මුලක්වත් නැත. දැන් ඉතින් මට දෙයියන්ගේම පිහිට ය. දෙයියොත් උඩ තට්ටු වල ය.


Related Posts Plugin for WordPress, Blogger...