කුරුල්ලාගේ “ආශ්චර්යයේ දියණියෝ” කථාවෙන් පස්සේ නිතරම තවත් ලියන්නට හුඟක් දේවල් සිද්ධ වුවත් ලියන්නට වෙලාවක් සොයාගැනීම පට්ට අමාරු කේස් එකක් විය. හැමදාම රෑට ලියන්නට සිතා ලැප දිග ඇරගෙන ඇඳට ආවත් ටික වේලාවකින් ලැප උඩ දොයිය බබාය. ඉස්සර වගේ නිතර නිතර ගම් පොජ්ජට මංගඡ්ඡන්න වෙන්නේ නැති නිසා කෝච්චියේ වාඩිවී ලියන්නට අවස්ථාවක් ලැබුනේ ද නැත.
මා උපන්තේකට බ්ලොග් තියා හරිහමන් ලියුමක්වත් ලියා නොමැති නිසා මේ අටමගල ලියන්න පටන් ගත්තේ පට්ට බයෙන් ය. නොදන්න මඟුල් කරන්නට ගොස් වරිගය නහගන්න වුනොත් විලි ලැජ්ජාවේ සන්තෝසයේ බැරි ය. මේ වන තෙක් මං ගැන මෙලෝ හසරක් නොකිවුවේ ඒ නිසා ය. ඒත් දැං දැං රට්ටු කිහිපදෙනෙක් මා ගැන දන්නී ය. ඒත් බොහෝ දෙනා නොදන්නේ ය. එක් කිරිල්ලියක් මා ඉදිරියේම කුරුල්ලාට බැන්නාහු ය. ඈ කියන්නේ කුරුල්ලාගේ හොට (කට) හොඳ නෑ කියා ය. ඒත් බොහෝ දෙනා හොඳ කිව්වෝ ය. ඒ ගැන නම් බොක්කෙන්ම ස්තුති ය.
දැං දැං Grand Finale (ග්‍රෑන්ඩ් ෆිනාලේ) exam වලට ලඟ ය. පුපුව හෝස් ගා පත්තු වන්නේ එවිට ය. ෆිල්ම් බලන්න, බ්ලොග් ලියන්නවත් වෙලාවක් නැති මට පොතක් නම් පේන්නේවත් නැත. ඒ මදිවට දැන් අපට අපේ ලෙක්චර්ස් අතරේ ලියන්නට ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්නී ය. එය ට එක්තරා ලෙක්චරර් නෝනා කෙනෙක් කීවේ ගුණ දොස් කොලේ කියා ය. අපි ඒ කොලේ අපේ ආදරණීය ලෙක්චරස් ලා ගැන ලිවිය යුතු ය. මට නං ඉතිං කවුරුත් එක ය. ලෙක්චර්ස් මට ඉංගිරීසි චිත්‍රපටයක් වැනි ය. මෙලෝ හසරක් තේරෙන්නේ නැත. උදේ ඉඳන් රෑ වනතෙක් එක එක්කෙනා ඇවිත් රඟපාන්නෝ ය. මමත් රඟපෑම අවසානයේ අප්පුඩි ගසන්නී ය. විහිළුවක් දෙකක් කරොත් ඒ රඟපෑම හොඳ ය. නැත්නම් චිත්‍රපටය ෆේල් ය. ඉඳින් ඒ ගුණ දොස් කොලේ මාගේ මට්ටමින් ඒ උත්තම ලෙක්චරස්ලා ගැන ලියුවොත් එය ආන්නතරීය පාප කර්මය කි. ඒ නිසා ඔක්කෝම ලෙක්චරස්ලාට හරියන්න කියා මෙසේ ලියා තැබුවෙමි.
නොතේරුනොත් Mind Star
ලස්සන නම් Loving Star
Joke කලොත් Comedy Star
ගොං පෑවොත් Dancing Star
නින්ද ගියොත් Dream Star
අපි ඔක්කොම Shadow Star
ලස්සන නම් Loving Star
Joke කලොත් Comedy Star
ගොං පෑවොත් Dancing Star
නින්ද ගියොත් Dream Star
අපි ඔක්කොම Shadow Star