මේ පෝස්ට් එක පොලීසියේ කෙනෙක් බලනවා නම් සමාවෙන්න ඕන. ඒත් මම සමාව ඉල්ලන්නේ නෑ. මොකද බහුතරයක් පොලීසියේ අය හැසිරෙන විදිය අනුව මටනම් පොලිස්කාරයෝ ඔක්කොම එකයි.(පොලිස් නිළධාරින් කියලා කියන්න හිත දෙන්නේ නෑ)
මේ සිද්ධිය වුනේ මම උසස් පෙළ හදාරන කාලේ. ඒ කියන්නේ දෙදහස් නවය වසරේ පෙබරවාරී මාසේ දවසක. ඒ දවස් වල මම පාඩම් කරේ යාළුවෙකුගේ ගෙදර ගිහින්. මම පාඩම් කරන්න යන ගෙවල් දෙකක් තිබුනා. එකක් අපේ අල්ලපු ගෙදර. එදා මම එහේ පාඩම් කරන්න හිතාගෙනයි ගෙදරින් ගියේ. ඒහෙට ගිහින් ටික වෙලාවක් පාඩම් කරලා කොළ වගයක් ෆොටෝ කොපි කරන්නයි එයාටෙල් සිම් එකක් ගන්නයි හිතාගෙන මම ඒ ගෙදරින් කඩේ ලඟට එන්න ආවා. වෙලාව යන්තම් රෑ 7ට විතර ඇති. මම ආවේ බයිසිකලේ. ඒත් මීටර් 100ක් යන්න වුනේ නෑ බයිසිකලේ රෝද කැරකෙන්නේ නැති වුනා. මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ. බ්රේක් බයින්ඩ් වෙලත් නෑ. කොහොම හරි කළුවරේ අතපත ගාන එක් තේරුමක් නැති නිසා මම ආපහු ගිහින් බයිසිකලේ අර අල්ලපු ගෙදර යාළුවට දීලා ආපහු ඒ පාරෙම ආවා. පාර නම් කට්ට කළුවරයි. ඒත් මොකට බය වෙන්නද. ඒ අපේ ගම. එහෙම හිතාගෙන මම ෆෝන් එකෙත් සින්දුවක් දාගෙන ආවා. කඩේට යන පාර වැටිලා තිබුනේ වෙලක් මැදින්. වෙලක් මැදින් කිවුවට හිතන්න එපා මේ හද්දා පිටිසර පැත්තක කියලා. ඒක වාහන යන තාර පාරක්.
කොහොම හරි මම පාරේ මැදක් හරියට යනකොට මාව පහුකරගෙන ත්‍රීවීලර් එකක් ගියා. රතු පාට ත්‍රී වීලර් එකක්. ඒ ත්‍රීවීල් එක මාව පහු කරන් ටික දුරක් ගිහින් නවත්තනවා මට ඇහුනා. කෝකටත් කියලා මම පිටි පස්ස බැලුවේ අහල පහළ කවුරුවත් හිටපු නැති නිසයි. අනික කළුවරේ නේ. එතන තුන් දෙනෙක් හිටගෙන හිටියා. ඩෙනිමයි ටීෂර්ට් ඇඳන් හිටපු උන් තුන් දෙනාගෙම අතේ පොලු කෑලි තියෙනවා හෙඩ් ලයිට් එකේ එළියෙන් මම දැක්කා. කෝකටත් කියලා අඩිය ඉක්මන් කරලා මම යන්න හදනකොට උන් ටික “අඩෝ ඔහොම නැවතියන්“ කියාගෙන මගේ පස්සේ දුවගෙන ආවා. මොන හත්ඉලව්වක්ද මේ..? කියලාවත් මට හිතාගන්න වුනේ නෑ. මමත් හිටු කියලා දිවුවා. හිනා වෙන්න එපා යකුනේ. උඹලට වුනා නම් චූ ගිහින් මැරෙන්නේ. අවාසනාවකට මට වැඩිදුර දුවන්න වුනේ නෑ මගේ කකුල පැටලිලා මම පාර මැද්දෑවේ ගෙම්බා ගැහුවා වගේ වැටුනා.
හිතාගන්න පුළුවන්නේ ඊට පස්සේ වුන දේ. මම අම්බානෙකට කෑවා. මටම හිතාගන්න බෑ මොකද වුනේ කියලා. කොහොමහරි මම ආපහු පියවි සිහිය එනකොට මම හිටියේ අර ත්‍රීවීලර් එක ඇතුලේ. එකෙක් ත්‍රීවීල් එක ඩ්‍රයිව් කරන් ගියා. පිටිපස්සේ හිටපු අනිත් උන් දෙන්නා මාව හිරවෙන්නම අල්ලගෙන හිටියේ. ත්‍රීවිල් එක යන්නේ කොහෙද කියලා මට අඳුනගන්න බැරි වුනා. මගේ ඇඟපත හොදටම කකියනවා. එක ඇහැක් නම් අරින්නත් බෑ. මට ඇත්තටම ඒ වෙනකොට බයක් හිතිලා තිබුනේ නෑ. ඒත් මට යකා නැගලා හිටියේ. ඕන දෙයක් වෙත් දෙන් කියලා ත්‍රීවිල් එකෙන් පනින්න හැදුවා. දඟලලා දඟලලා බහින්න බැරි වුන තැන මම එකෙක්ට මූණට පාරකුත් ගැහුවා. ඒකෙන් උන්ට තවත් මල පනින්න ඇති.
උන් මට කිවුවේ තෝ වක්වැල්ල පාලම ලඟට ගිහින් ගඟට දානවා කියලා යි. මාව මරන්න ගෙනියන්නේ කියලායි උන් හැම වෙලේම කිව්වේ. ඒ කථාවට නම් මට ඇත්තටම බය හිතුනා. මෙච්චර ඉක්මනට මැරෙන්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. කොහොම කොහොම හරි උන් මාව වක්වැල්ලේ පාලම ලඟටම එක්කන් ගියා. මට මම ආදරේ කරපු හැමෝවම මතක් වුනා. මගේ අම්මා තාත්තා, නංගිලා.. මේ හැමෝවම දාලා මට යන්න වෙයි ද කියලා හිතුනා. ඒ වෙනකොට මම A/L කරලත් නෑ. බලාපොරොත්තු ගොන්නක් හිතේ තියගෙන ගෙවපු ජීවිතේ දාලායන්න මට දුක හිතුනා. හැබැයි මම හිතපු තරම් මම අවාසනාවන්ත වුනේ නෑ. උන් ටිකකින් ආපහු මාව ත්‍රිවීලර් එකට දාගෙන බද්දේගම පැත්තට ගියා.
“මුන්ට මාව මරන්න ඕන නම් මෙලහකට මරලා“ ඒ නිසා මම බය නැතිව වැඩේට බැස්සා
“තමුසෙලාට මොනවද ඕන..? “ මම කිසි බයක් පෙන්නනනේ නැතුව ඇහුවා.
“උඹව මරන්න“ එකෙක් කිවුවා.
“කෝ තොපේ අනිත් උන් “ ඒ එක්කම අනිත් එකා ඇහුවා.
“ අපි හැම තැනම හෙව්වේ උඹව තමයි. කියපිය, කෝ අනිත් එවුන්. අදනම් උඹට බේරිල්ලක් නෑ.. කූරු ගනන් කරන්න ලේස්ති වෙයන් “
එතකොටයි මට වැඩේ තේරුනේ. මුන් පොලීසියේ සෙට් එකක් වෙන්න ඕන. ඒත් මට හිතාගන්න බැරි ඇයි මාව අරං යන්නේ...?
කොහොමහරි මට ඒ ත්‍රීවිල් එකේ නම්බර් එක මතක තිබුනා. ඉස්සර ඉඳන්ම සැක හිතෙන දෙයක් තියෙනම් ඒ ගැන විපරමෙන් ඉන්න එක මගේ පුරුද්දක්. මට ඕන වුනේ ඒ නම්බර් එක කාට හරි යවන්න. මම ඒක ෂේප් එකේ ගෙදරට sms ගහන් හදනකොට එකෙක් ෆෝන් එක දැකලා ඒක ගත්තා. ඒකත් කරුමේ.
අන්තිමට පැය බාගෙක විතර ගමනකින් පස්සේ උන් මාව පෝද්දල පොලීසියට ගෙනාවා. මගේ අත් වලට මාංචු දාලා තිබුනේ. මට හෙල්ලෙන්නත් විදියක් නෑ. උන් මාව ඇදගෙන ගිහින් මගේ ලඟ තිබුනු හැමදේම අරගෙන මාව කූඩුවට දාලා වැහුවා. හීනෙකින්වත් නොහිතපු විදියට මම අපරාධ කාරයෙක් වගේ පොලිස් කූඩුවේ.
කූඩුව ඉස්සරහා බිත්තියේ ලොකු කන්ණාඩියක් තිබුනා. පොලිස් කූඩුවේ කූරු අතරින් මාව දැක්කම මගේ ඇස් වලට කඳුළු ආවේ නෑතුව නෙවෙයි. ඒ ඇයි කියලා හිතාගන්න බෑ. ඒත් ඊටත් වඩා මට තිබුනේ කේන්තියක්. මම කෑ ගැහැවා.
“යකුනේ.. මම මිනීමරුවෙක් නෙවෙයි... මට යන්න දීපල්ලා“
කූඩුව ලඟම පොලිස් ගෑණියෙකුත් හිටියා. ඒකි මහ පාච්චල් බැල්මක් දාලා කූඩුව ලඟට ඇවිත් යකඩ කූරු අල්ලන් හිටපු මගේ එක අතකින් අල්ලගත්තා.
“පොඩිකමට නෙවෙයි වැඩ නේ....? “
අම්මපා එලියේ හිටියනම් මම ඒකිට පෙන්නනවා වැඩ.
කූඩුව ඇතුලේ තව තුන් දෙනෙක් හිටියා. ඒ අතරින් එක්කෙනෙක් නං හොරෙන් ගස් කපලා මාට්ටු වෙච්ච කෙනෙක් . තව කෙනෙක් නිදාගෙන හිටියේ. අනිත් එක්කෙනාත් මම වගේ නිකම්ම වාහනේට දාගෙනයි ඇවිත් තිබුනේ. හැබැයි මිනිහ දාගෙන ඇවිත් තිබුනේ පොලිස් ජීප් එකකමයි. ඒත් මට නම් මෙතනට ගෙනකම්ම පොලීසීයෙන් කියලා කිව්වේ නෑ.
ඔහොම පැය දෙකක් විතර හිටියා. ඒ අතරේ එක පොලිස්කාරයෙක් මගේ ලඟට ඇවිත් ෂේප් එකේ විස්තර ඇහුවා. මමත් ඇත්තම කිව්වා. මම තාම ඉස්කොලේ යන කෙනෙක් කිවුවම උන් ටිකක් බයවුනා වගෙයි මට දැනුනේ. මට ඕන වුනේ ගෙදරට කථාකරලා මේ ගැන කියන්න. අම්මලා හිතන් ඇත්තේ තාම මම එහා ගෙදර පාඩම් කරනවා කියලා. ඒත් මට ගොඩක් රෑ වෙනකම් ගෙදරට කථාකරන්න දුන්නේ නෑ. රෑ 12ට විතර එකෙක් ඇවිත් මගෙන් ගෙදර නම්බර් එක ඉල්ලගත්තා. මේ වෙනකොටනම් කට්ටියම ටිකක් අප්සෙට් එකේ හිටියේ. මුලින් වගේ මට වැඩිය මුකුත් කිව්වේ නෑ. හැබැයි මම වැඩේ අත්ඇරියේ නෑ.
“ගෙදර යන්න ලේස්ති වෙලා හිටපං“ මම එකෙක්ගේ මූණටම කිව්වා.
ඌ මගේ කමිසෙන් අල්ලලා ගහන්න හදනකොටම අර මගේ විස්තර අහගත්ත පොලිස්කාරයා මිනිහව නැවැත්තුවා. ටිකක් එහාට ගිහින් මොනවද කොඳුරනවත් මට ඇහුනා.
රෑ 12.30ට විතර තාත්තා අපේ මාමාලා දෙන්නෙකුත් එක්ක පොලිසියට ආවා. අර නම්බර් එක ගත්ත මිනිහා ගෙදරට කථා කරලා කියන්න ඇති. ඒත් තාත්තට මාත් එක්ක කථාකරන්න දුන්නේ නෑ. අපේ එක මමා කෙනෙක් කලින් පොලිසියේ හිටියේ. එයාට විතරයි මට කථා කරන්න දුන්නේ. මේ යක්කු තාත්තලාට කියලා තියෙන්නේ මගේ ෆෝන් එකේ බ්ලූ ෆිල්ම්ස් තිබුන නිසයි දාගෙන ආවේ කියලා. මට තාත්තාගේ මූණ බලන්න ලැජ්ජයි. එහෙම දෙයක් මගේ ෆෝන් එකේ තිබුනේ නෑ යකුනේ.
“බ්ලූ ෆිල්ම්ස් තිබ්බානම් ඔක්කොටම පෙන්නනවා“ මම කෑගහලා කිව්වා.
උන් කියනවා උන් ඒවා delete කරාලු.
අම්මපා මෙහෙමත් *** රැලක්. බොරුව එතනින්ම මාට්ටුයි. මට අරුන්ව කන්න තරම් කේන්තියි.
කොහොමහරි තාත්තා එවෙලෙම තාත්තා අඳුරන දේශපාලඥයෙක්ට කියලා මාව එවෙලෙම නිදහස් කරගත්තා. මට ආයෙමත් ජීවිතය ලැබුනා වගේ. මම ගෙදර ගියා. පහුවදා උදේ වෙනකොට මට අමාරු වුන නිසා රෝහල් ගත වුනා. ඔළුව හොඳටම රිදෙන්න ගත්තා. එක ඇහැක් ටික දවසක් යනකම් බොඳවෙලයි පෙනුනේ. ඒත් ප්‍රතිකාර වලින් පස්සේ සුව අතට හැරුනා.
එදා ඇත්තටම වෙලා තියෙන්නේ වැරදීමක්. මගේ හැඩරුව තියෙන හොරෙක් හොයාගෙනයි උන් ඇවිත් තිබුනේ. මගෙත් අවාසානාව තමයි. ඒත් ඒ සිද්ධියෙන් මට සාමාන්‍ය කෙනෙක්ට අත්දකින්න නොලැබෙන ගොඩක් අත්දැකීම් ලබාගන්න පුළුවන් වුනා.
මේ සිද්ධියේ දී ගොඩක් අය මං වෙනුවෙන් පෙනී හිටියා. හැමෝම වගේ මගේ පැත්ත ගත්තේ. මගේ මිතුරන්, ගමේ අය, ගුරුවරු, නෑදෑයෝ දන්න කියන හැමකෙනෙක්ම ගොඩක් උදව් කරා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. වචනෙකින් හරි ඒ කරපු උදව් මට ඒවෙලාවේ ගොඩක් වටිනවා.
ඒත් සමහරු මේ සිද්ධීය දැක්කේ වැරදි විදියට. සිද්ධිය හිරියට නොදැන එක එක කථා කිවුවා. මගේ ඉස්සරහා එකක් කියලා තව තැනක වෙන දෙයක් පතුරනවා. ඇත්තමට මේ පොස්ට් එක දැම්මෙත් සිද්ධිය හරියට නොදැන එක එක කථා කියපු කට්ටියට දැනගන්නමයි. මම කියපු හැමදෙයක්ම ඇත්ත. ඒත් දැන් මට ඔහොම දෙයක් වුනානම් ලේසියෙන් අතඅරිනේනේ නෑ.
ඇත්තටම මටනම් ඕන වුනේ අර පොලිස්කාරයොන්ගෙන් පලිය ගන්න. ඒත් අපේ අම්මා බය වුණා මට ආයෙමත් කරදර කරයි කියලා. ඒ නිසා අපි නීතියෙන් කටයුතු කරේ නෑ. ඒත් පොලිස් දෙපාර්තුමේන්තුවෙන්ම විනය ක්‍රියාමාර්ගයක් අරගෙන ඒ පොලිස්කාරයෝ තුන්දෙනාම වව්නියාවට මාරුකරලා යවලා තිබුනා. ඒ විතරක් නෙවෙයි ඒ පොලිස්කාරයෝ තුන්දෙනා ඉහළ නිළධාරීන් ඇතුළු සියගනනක් පොලිස් නිළධාරීන් ඉදිරියේ ඉස්කොලේ යුනිෆෝම් එක ඇඳන් හිටපු මේ පුංචි කොල්ලාගෙන් සමාව ගත්තා.
මොනව උනත් උඹ පවු බං අයියේ
ReplyDeleteයකෝ උබ මාර කට්ටක්නේ කාලා තියන්නේ .. මදැයි ඔයින් ගියා ////
ReplyDeleteගමනක් යනකොට බාදා වෙනවනම් ඒ ගමන යන්න එපා. බයිසිකලේ රෝදේ කැරකෙන්නේ නැති වෙලාවේ ඕක හිතන්න තිබුනා. පරිස්සම් වෙයන් මචන් නරක වෙලාවට මෝල් ගසුත් පත්තු වෙනවලුනෙ
ReplyDeleteදෙන්න තිබුනේ එක එකා අල්ලලා පරිප්පුවක් මතක හිතින්න.
ReplyDeleteඇති ඔයින් බේරුනා...
ReplyDeleteඋබ නරක වෙලාවක එලියට බැහැලා තියෙන්නෙ...
ReplyDeletewww.batmark.tk
All in one කියපු කතාවෙත් ඇත්තක් තියෙනවද මන්ද බන්
ReplyDeleteමම නං ඕකුන්ව ඉතුරු කරන්නේ නැ...තු සුනඛ පැටවූ..
ReplyDeleteපස්ට පස්ට..කලෙකින් නොවැ මේ පැත්තේ ආවේ..ෆලෝ පාරකුත් දැම්මා ඕං!
ReplyDeleteපෝද්දල පොලීසියද?
ReplyDeleteචාටර් මස්සිනා....
oya balu haththa ohomamai bro jarawata miul thana oya hu...ge puthala
ReplyDelete