Google සමාගම Google නොවන නාමයන් ඇති තම නිපැයුම් වල නාමයන් Google නිපැයුම් ලෙස නැවත නම් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ යටතේ Blogger හා Picasa වෙබ් අඩවි නාමයන් වෙනසකට ලක්වේ. Google+ ව්‍යාපෘතිය හඳුන්වා දීමේ එක් පියවරක් ලෙස මෙම පියවර ගන්නා බවයි ගූගල් සමාගම පවසන්නේ.
නමුත් මේ හේතුවෙන් Blogger හෝ Picasa වෙබ් අඩවි වල අන්තර්ගතයන්ට කිසිදු අයුරකින් බලපෑමක් සිදු නොවන අතර එම වෙබ් අඩවි වල නම් පමණක් වෙනස් වෙනු ඇත. මේ අනුව Blogger වෙනුවට “Google Blogs” ද Picasa වෙනුවට “Google Photos” යන නම් භාව්ත කරනු ඇති.
මෙලෙස තවත් ගූගල් නිෂ්පාදන කිහිපයකම නම් වෙනස් වනු ඇති නමුත් YouTube වෙබ් අඩවිය කිසිදු වෙනසකට භාජනය නොවන බවයි අභයන්තර ආරංචි මාර්ග පවසන්නේ. මෙම නැවත නම් කිරීම තුලින් දැනට Google භාවිතකරන පාරිභෝගිකයන්ට යම් අපහසුතාවක් සිදු වුවත් මෙය වැඩිපිරිසක් Google+ හා එක්කාසු කරගැනීමට Google සමාගම විසින් යෙදු උපක්‍රමයක් ලෙස සැලකිය හැක.
Blogger වෙනුවට “Google Blogs” ද Picasa වෙනුවට “Google Photos” ලෙස වෙනස් වීම ඉදිරි මසක් කාලසීමාවක් ඇතුලත සිදුකිරීමට නියමිතයි. කෙසේවෙතත් මේ මස එනස් ජූලි මස 31 වන දින Google+ මහජන භාවිතය සඳහා නිකුත් කෙරෙන බැවින් ඊට පෙර මෙම වෙනස සිදු වනු ඇත.
අද ලියපු විදිය ටිකක් විතර ෆෝමල් නේ. ගනන් ගන්න එපා ෆෝමල් දේවල් ෆෝමල් විදියට ලියන්න එපැයි. මොනවා වුනත් මට හිතෙන හැටියට නම් අන්තිමට Internet කිව්වොත් Google තමයි කියන තත්වෙට පත්වෙන දවස වැඩි ඈතක නෙවෙයි.
Blogger එකේ අන්තර්ගතය වෙනස් වෙන්නේ නැත්නම් එච්චරයි :D
ReplyDeleteඅම්මෝ ඇඟ හිරිවැටිලා ගියා. මම හිතුවේ අපි බ්ලොග් ලියලා හමාරයි කියලා.
ReplyDeleteටෝටලි ඇග්‍රී විත් ChammA
ReplyDeleteහරි. ඒත් ගූගල් කාරයා කිව්වොත් අපි ඔක්කොම පෝස්ට් delete කරනවා. ඔයාලා ආපහු ගූගල් පස් එකේම මුල ඉඳලා බ්ලොග් කරන්න කියලා. මොකෑ කොරන්නේ. මුල ඉඳලා ලියන්න වෙනවා නේ. එක අතකට අපි තාමත් වහල්ලු. බුකිකාරයා ගුගල්කාරයා තමයි අපේ හාමුපුත්තු :(
ReplyDeleteඅම්මෝ මම බය උන තරමක්. එතකොට අපේ ඩොමේන් නේම් http://ourblog.googleblogs.com කියල වෙනස් වෙයිද ?
ReplyDeleteඇත්තනේන්නම්. හොයලා බලන්න ඕන :)
ReplyDeleteබය හිතෙන කතා කියන්ට එපා මම හිතුවේ මගේ බ්ලොග් ආදරිත් ඉවරය කියලා
ReplyDeleteCan you provide the source of this macho?
ReplyDeleteඅව්ලක් නෑ කොහොමත් Google නෙ
ReplyDelete"මොනවා වුනත් මට හිතෙන හැටියට නම් අන්තිමට Internet කිව්වොත් Google තමයි කියන තත්වෙට පත්වෙන දවස වැඩි ඈතක නෙවෙයි" ඒකටනම් දැන් ගොඩක් උන්ට internet කිව්වොත් Facebook නෙ මම දන්න ගොඩක් අය ඉන්නවා internet ගත්තේ facebook එකටමයි
nikan hits ganna boru post liyanna epa yako. mehema kathawak google la wath kiyala ne. me inna pissu yakkuth hoyanne balanne nathuwa wishwasa karanawa.
ReplyDelete