මොකක්ද මේ Google Music (beta)

Google Music beta.... මම නම් මේ ගැන දැන ගත්තේ ගොඩක් කලින්. ඒත් Google plus ආගමනයත් එක්ක මට හිතුනා පොඩ්ඩක් Google Music ගැන ආයෙමත් ටිකක් විපරම් කරලා බලන්න. මොකද මට දැන් දැන් හිතෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අනාගතය ටිකෙන් ටික Google දෙසට යොමුවෙමින් තියෙන බව. මගේ ජීවිතේ නම් වැඩිහරියක් ගතවෙන්නේ අන්තර්ජාලයේ. ඉතින් පරිගණකය ඉස්සරහා ඉඳගෙන වැඩක් කරනකොට හරි එහෙමත් බස් එකේ කෝච්චියේ ගමනක් යනකොට හරි මම නිතරම සින්දු අහන්න පුරුදු වෙලා ඉන්නේ. මට විතරක් නෙවෙයි සංගීතය අපි හැමෝටම සමීපයි. ඉතින් ඒ අපි හැමෝටම සමීප සංගීතය Google විසින් වඩාත් සරල ක්‍රමයකට අපිට ගේන්නයි Google Music හඳුන්වා දුන්නේ කියලා කියන්න පුළුවන්.

සරලව කියනවා නම් Google Music හරහා ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ රසාස්වාදනය අනුව හැඩගැහුනු ගීත වලට ලෝකේ ඕනම තැනක ඉඳන් සවන් දෙන්න. Google Music භාවිත කරන්න නම් මුලින්ම ඔයාලට Google account එකක් තියෙන්න ඕන. ඔයාලගේ Google account එක භාවිත කරලා Google Music වලට ඇතුළු වෙලා Google Music Manager මෘදුකාංගය ඔයාලගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න ඕන.  ඒ මෘදුකාංගය හරහා ඔබට හැකියාව ලැබෙනවා ඔබගේ පරිගණකයේ ඇති සියළුම ගීත (හෝ තෝරාගත් ගීත පමණක්) Google Music වෙත upload කරන්න. තවත් දෙයක් නම් ඔයාලගේ iTunes වල ගීත, Windows Media Player හි Play lists වගේ ගොඩක් විධි වලින් ඔයාලගේ Google Music ගිණුමට ගීත එකතු කරගැනීමේ පහසුව Google සමාගම විසින් සලසා දී තියෙනවා. මෙලෙස ගීත upload වීමේ ක්‍රියාවලිය සිදුවෙන්නේ පසුබිමින්. ඒ කියන්නේ ඒ අතරතුරේ දී සාමාන්‍ය පරිදි පරිගණකයෙන් වැඩකටයුතු සිදුකරන්න ඔයාලට අවස්ථාව ලැබෙනවා. තවත් දෙයක් නම් පරිගණකයට අප ගීත ඇතුලත් කළ විට එම ගීත ස්වයංක්‍රීයව Google Music වෙත upload වීම ද සිදුවන ලෙස සකස්කිරීමට හැකිවීම මෙහි විශේෂත්වය යි.
අනතුරුව Google Music වෙත අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා ඔයාගේ නිවසේ පරිගණකයේ ඇති ගීත මඟතොට යන එන විට වුවද අහන්න පුළුවන්. Android මෙහෙයුම් පද්ධතිය මත නිර්මාණය වුනු මෘදුකාංගයක් තමයි ඒ සඳහා භාවිත වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අන්තර්ජාල සම්බන්ධතාව නැති වෙලාවක වුනත් ඔයා කලින් එකවතාවක් හරි අහපු ගීත ආයෙමත් අහන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.
ඒත් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ලංකාවට ඒතරම් ගැලපෙන දෙයක් නෙවෙයි කියලා. මොකද ලංකාවේ දැනට Bandwidth වලට ගෙවන්න වෙන මුදල ලෝකේ අනිත් රටවල් එක්ක බලනකොට ටිකක් සැර වැඩියි. ඒත් බලන්නකෝ කාලයත් එක්ක ගොඩක් අඩු මුදලකට අන්තර්ජාලය භාවිතකරන්න අපිට අවස්ථාව ලැබේවි. එතකොට නම් මේ නිර්මාණය ගොඩක් වැදගත් වේවි. මම කලින් කියපු හේතුව නිසාමද කොහෙද දැනට නම් මේ Google Music භාවිත කරන්න ලංකාවේ අපිට අවස්ථාව නෑ. දැනට පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයේ අයට විතරයි. ඒත් ලඟදිම ඒවි. බලාගෙන ඉන්නකෝ.



ආ මේකට ඍජුවම අදාල නැති වුනත් මේකත් කියන්න ඕන.... මම Google Plus වලට, Google Music වලට, Google හැම අන්තර්ජාල සේවයක්ම එක්තැනකට ගේන්න හදන එකට ගොඩක් කැමතියි. ඒත් ගොඩක් අය මට කියන්නේ මට ඉස්සෙල්ලා ආපු කණට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙලා ලු. මොකද එයාල කැමති නෑ Facebook දාලා යන්න. ඒත් මම කියන්නේ Facebook එකටම ඇලිලා ඉන්නේ නැතුව ටිකක් වෙනස් වෙන්න බලන්න. මම දන්නවා කවුරුත් වෙනස් වෙන්න අකමැතියි. අවස්ථිතිය කියන්නේ ඕකට නේ. ඒත් වෙනස් වෙන්න උත්සහ කරන්න. අලුත් විදියකට හිතන්න. ඉස්සර ඉඳන්ම ලෝකයම වෙනස් කරන්න උර දුන්නේ වෙනස් විදියට හිතපු පුංචි මිනිස්සු බව මතක තියාගන්න.

Facebook හරහා video call ගනිමු


Facebook සහ Skype සමාගම් එකතුවත් සමඟ Video Call සේවාව ලොවට හදුන්වා දී තිබේ.



මෙම සේවාව නොමිලයේ බෙදාහරින අතර මේ සදහා ඔබේ පරිඝණකයේ කුඩා මෘදුකාංගයක් ස්ථාපිත කරගැනීම අත්‍යවශයවේ.එය ස්ථාපිත කිරීමෙන් පසු ඔබගේ Web බ්‍රවුසරය මගින් එම මෘදුකාංගය හා Facebook සමග ඔබ සම්බන්ධ කර Video Call පහසුකම ලබ දෙයි.

Video Call සේවාව අත්විඳිම සදහා මෙම වෙබ් ලිපිනයට ගොස් එතැනින් ලබාදෙන මෘදුකාංගය පරිඝනකයේ තැන්පත් කර ගෙන එය පරිඝනකය සමග සම්බන්ද කල පසු ඔබගේ Facebook Chat Box එක මෙලෙස වෙනස් වනු ඇත.


Online Chat ෆෝරමය තුලින් ඔබට ඇමතීමට අවශ්‍ය පුද්ගලයා තොරා ඔහුගේ Chat Box එකෙහි එම කැමරා සලකුණ එබීමෙන් අනතුරුව ඔබට ඔහු හා වාචික මෙන්ම දෘශ්‍යමය සංවාදයේ යෙදිය හැකිය

අවශ්‍යය කෙනාගේ Profile එකට පිවසීමෙන්ද මෙම අලුත් උපක්‍රමය භාවිතා කර හැක.මෙම අලුත්ම උපක්‍රමය CNN සමාගම සිය ප්‍රවෘත්ති ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිතාකරන්නට පහසුකම් සලසමින් පවතී.එනම් සිය නරඹන්නන්ටද සජීවී ලෙස ප්‍රවෘත්ති මැදිරිය හා සම්බන්ධ වී හදිස්සි ප්‍රවෘත්ති සදහා එකතුවිමේ අවස්ථාව සැලසේ.

අන්තර්ජාල විචාරකයින් පවසන අකාරයට මෙම අලුත් අයිතමය Facebook And Skype විසින් Google සමාගමේ Google+ වෙත ලබා දෙන පිළිතුරක් ලෙසත් සිය Facebook ග්‍රහකයින් තවතවත් Facebook වෙත නතුකරගැනීම සදහාත් දරණ ලද උපායක් ලෙසයි.තවම මෙම සේවාව පරීක්ෂණ මට්ටමේ පවතින බවධ මුල් දින වලදී මෙය භාවිතයේදී යම් යම් දෝශ ඇති විය හැකි බව Facebook පාලනාධිකාරිය පෙන්වා දෙයි.

වැඩි විස්තර සඳහා http://www.facebook.com/videocalling

Facebook යාළුවෝ ඔක්කොම එකසැරේ Google+ වලට එකතු කරගනිමු


Google+ වලට ඉක්මනින්ම මාරුවෙන්න නේ කවුරුත් බලාගෙන ඉන්නේ. එත් Google+ ආපුවම යාළුවො කවුරුවත් නැතුව පාළු හිතෙයි නේ. කොහොමද ? facebook එකේ ඔක්කොම යාළුවෝ එකසැරේට Google+ වලට එකතු කරගන්න තියෙනම්. මෙන්න ඒකට මරු ක්‍රමයක්. ඇත්තටම ලේසි ක්‍රමයක් කලින් නම් තිබුනා. මම මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ටික CSV ‍ෆයිල් එකකට දාගත්තේ ඒ Google chrome extension එකෙන්(ඊයේ) . ඒත් අද වෙනකොට ඒ chrome extension එක facebook එකෙන් බ්ලොක් කරලා. ඒ නිසා මෙන්න වෙන ක්‍රමයක්.

පියවර 1 :
මුලින්ම ඔයාලගේ Yahoo Mail එකට යන්න. දැනට yahoo account එකක් නැත්නම් හදලා හරි යන්න. ගිහින් "Contacts" tab එකේ Actions වල තියෙන "Import contacts" කියන මෙනු එක තෝරන්න. එතන තියෙන ඒවගෙන් facebook අයිකනය තෝරගන්න පුළුවන් නේ. පස්සේ ඔයාගේ facebook එකට යන්න Yahooට අවසර ලබාදීම තමයි කරන්න තියෙන්නේ. ඔන්න දැන් වැඩේ හරි. Yahoo ඔයාට ඔයාගේ facebook යාළුවොන්ගේ නම් සහ ඊ මේල් ලිපින ටික එකතු කරගනීවි.
දැන්ම facebook Contacts ටික කොහොට හරි එකතු කරගෙන තියාගන්න. මොකද ඉස්සරහාට සකර්බර්ග් අයියා මොන පිස්සුවක් නටයිද දන්නේ නෑ නේ.

පියවර 2 :
මේ පියවර නම් දැන්ම කරන්න වෙන්නේ නෑ. ඒත් දැන්ට කියවලා මතක තියාගන්න. Google+ ආවම ගිහින් log in වෙන්න. දැන් දකුණු පැත්තේ sidebar එකේ View and edit කියන button එක click කරන්න. ඊලඟට next window එකේ "Find and invite" click කරන්න. එතනින් "Yahoo" click කරලා කොන්දේසි වලට එකඟ වෙන්න විතරයි තියෙන්නේ. දැන් ඔයාගේ Yahoo Contacts ඔක්කොම Google+ එකට එකතු වේවි. (ඇත්තටම නම් ඉතින් facebook Contacts තමයි)


දැන්ම facebook Contacts ටික කොහොට හරි එකතු කරගෙන තියාගන්න. මොකද ඉස්සරහාට සකර්බර්ග් අයියා මොන පිස්සුවක් නටයිද දන්නේ නෑ නේ. කොහොම වුනත් මිනිහා හොඳ මිනිහා. නියම මොළකාරයා. හැබැයි Google ට ගහන්න දැන් අමාරුයි. මොකද Google ජාලය හැම පැත්තකින්ම විහිදිලා තියෙනවා. ඉතින් කවුද කැමති එක හොඳ සාප්පු සංකීර්ණයක් තියෙද්දී එක දෙයක් විතරක් ගන්න වෙන කඩේකට යන්න. ඒ සාප්පු සංකීර්ණයේ අර කියපු දෙයත් තියෙනවා නම් පොඩි කඩේ නිකංම වහන්න වෙනවා නේද?

Blogger සහ Picasa නුදුරේදී අවසන් ගමන් යයි...!


Google සමාගම Google නොවන නාමයන් ඇති තම නිපැයුම් වල නාමයන් Google නිපැයුම් ලෙස නැවත නම් කිරීමට බලාපො‍රොත්තු වෙනවා. මේ යටතේ Blogger හා Picasa වෙබ් අඩවි නාමයන් වෙනසකට ලක්වේ. Google+ ව්‍යාපෘතිය හඳුන්වා දීමේ එක් පියවරක් ලෙස මෙම පියවර ගන්නා බවයි ගූගල් සමාගම පවසන්නේ.

නමුත් මේ හේතුවෙන් Blogger හෝ Picasa වෙබ් අඩවි වල අන්තර්ගතයන්ට කිසිදු අයුරකින් බලපෑමක් සිදු නොවන අතර එම වෙබ් අඩවි වල නම් පමණක් වෙනස් වෙනු ඇත. මේ අනුව Blogger වෙනුවට “Google Blogs”Picasa වෙනුවට “Google Photos” යන නම් භාව්ත කරනු ඇති.

මෙලෙස තවත් ගූගල් නිෂ්පාදන කිහිපයකම නම් වෙනස් වනු ඇති නමුත් YouTube වෙබ් අඩවිය කිසිදු වෙනසකට භාජනය නොවන බවයි අභයන්තර ආරංචි මාර්ග පවසන්නේ. මෙම නැවත නම් කිරීම තුලින් දැනට Google භාවිතකරන පාරිභෝගිකයන්ට යම් අපහසුතාවක් සිදු වුවත් මෙය වැඩිපිරිසක් Google+ හා එක්කාසු කරගැනීමට Google සමාගම විසින් යෙදු උපක්‍රමයක් ලෙස සැලකිය හැක.

Blogger වෙනුවට “Google Blogs”Picasa වෙනුවට “Google Photos” ලෙස වෙනස් වීම ඉදිරි මසක් කාලසීමාවක් ඇතුලත සිදුකිරීමට නියමිතයි. කෙසේවෙතත් මේ මස එනස් ජූලි මස 31 වන දින  Google+ මහජන භාවිතය සඳහා නිකුත් කෙරෙන බැවින් ඊට පෙර මෙම වෙනස සිදු වනු ඇත.

අද ලියපු විදිය ටිකක් විතර ෆෝමල් නේ. ගනන් ගන්න එපා ෆෝමල් දේවල් ෆෝමල් විදියට ලියන්න එපැයි. මොනවා වුනත් මට හි‍තෙන හැටියට නම් අන්තිමට Internet කිව්වොත් Google තමයි කියන තත්වෙට පත්වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

රහස් දේ රැකගන්න | කෙල්ලන්ට පමණයි


ලංකාව දියුණුයි ලු. ඒත් අද ලංකාවේ වැඩිපුරම ඉන්නේ Internet explorer වලින් යන්තං අමාරුවෙන් Google හොයගෙන ගිහින් search box එකේ www.facebook.com කියලාම ගහලා facebook එකට ගොඩවෙන පිරිසක්. දවස පුරාම අන්තර්ජංජාලයේ සැරිසරනව වගේම එක එක පන්තිවල මිනිස්සුත් එක්ක ගොඩක් ගණුදෙනු කරන නිසා මම ඒ ගැන හොඳට දන්නවා. කොටින්ම කියනවා නං අපේ වැඩිදෙනෙක් අන්තර්ජාලයට ගොඩවදින්නේම මූණුපොතේ කරක් ගහන එකම සහ පරම පිවිතුරු චේතනාවෙන්. මේ පිරිසෙන් සියයට 60ක පමණ පිරිසක් පිරිමි අය. සියයට 35ක් පමණ පිරිසක් ගැහැණු අය. එතකොට ඉතිරි සියයට 05...? නෑ ඒගොල්ලෝ නපුංසකයෝ නෙවෙයි. කාන්තාවන් වගේ පෙනී සිටින පිරිමි අය ඒ ගොඩට වැටෙනවා.
මේ අතරින් බුකියෙදී (ෆේස්බුකියේදී) වැඩිපුරම අනාගන්නේ ගැහැණු අය තමයි. මොකද පිරිමි ළමයි යන්තං උගුරු දණ්ඩ මෝදුවෙන්න පටන් ගන්න කොටම කැෆේ අස්සේ රිංගලා එක එක ජරමල කරලා කොහොම කොහොම හරි යන්තං අන්තර්ජාලයේදී තමන්ගේ ජන්මේ බේරගන්න දන්නවා. ඒත් ගැහැණු අය නොදැනුවත්කම, නොසැලකිල්ල සහ මෝඩකම නිසා නිකරුනේ අමාරුවේ වැටෙනවා. (මෝඩයි කිව්වට තරහා ගන්න එපා. මේක කියවලාම බලන්නකෝ මෝඩ නැත්ද කියලා)
ඉතින් මම කියන්නම් ගොඩක් ගෑණු ළමයින් වරද්දගන්න තැන් කිහිපයක්.


Password/රහස් පදය භාවිතය


Password එහෙමත් නැත්නම් රහස් පදය කියන්නේ රහසේ තියාගන්න දෙයක්. ඒක තමන් විතරයි දැනගන්න ඕන. ඒත් සමහර අය ඉන්නවා තමන් දන්න අයට එක එක හේතු නිසා රහස් පදය දෙන. සමහරු තමන් ගොඩක් ආදරෙයි කියලා පෙන්නන්නත් තමන්ගේ බුකියේ රහස් පදය දෙනවා. කොහොම වුනත් කාට වුනත් තමන්ගේ රහස් පදය දෙන එක මෝඩ වැඩක්. කවුරුවත් ඔයා තරම් පරිස්සමට ඔයාගේ රහස් පදය පරිස්සම් කරන්නේ නෑ නේ. මතක තියාගන්න ඔයාගේ රහස් පදය, ඔයාගේ ප්‍රතිරූපය අනිත් අය ඉස්සරහ පෙන්වන ප්‍රදර්ශණ කුටියක යතුර වග. ඒ නිසා අනිත් රහස් දේවල් වගේම රහස් වචනයත් පිරිස්සම් කරගන්න.
ගොඩක් ගැහැණු අය කරන තවත් වැරැද්දක් තමයි හැමතැනටම එකම පාස් වර්ඩ් එක පාවිච්චි කරන එක. එයාලා email ලොග් වෙන්නයි ෆේස් බුක් ලොග් වෙන්නයි දෙකටම පාවිච්චි කරන්නේ එකම රහස් වචනය තමයි. මොකද හා හා පුරා කියලා ෆේස්බුක් අකවුන්ට් එකක් හදන්න ගියාමයි මතක් වෙන්නේ තමන්ට ඊ මේල් අකවුන්ට් එකකුත් නැති බව. ඉතින් හිටු කියලා ඒකත් හදනවා. පස්සේ දෙකටම දාන්නේ එකම පාස් වර්ඩ් එක. ඒක ලේසියි නේ. ලේසියෙන් අමතක වෙන්නෙත් නෑ නේ. එහෙමත් කරලා හදිස්සියෙවත් අමතක වුනොත් කියලා කොහේහරි ලියලා හරි ෆෝන් එකේ සේව් කරගෙන හරි තියාගන්න කට්ටියත් මම දැකලා තියෙනවා. හදිස්සියෙවත් ෆෝන් එකේ තිබිලා හරි කොහොම හරි පාස්වර්ඩ් එක හරි හමන් කෙනෙක්ට ලැබුනොත් ඊ මේල් එකත් ඉවරයි. ෆේස් බුකියත් ඉවරයි. මොකද ඊ මේල් අකවුන්ට් එක නැතුව ආපහු බුකිය අපේ අතට ගන්න අමාරුයි. අන්තිමට බුකියෙන් සෙට් කරගත්ත මඟුලත් ඉවරයි. 

බලධරයා කපා හරින ලදී_Deleted Scene


මේ පෝස්ට් එක පොලීසියේ කෙනෙක් බලනවා නම් සමාවෙන්න ඕන. ඒත් මම සමාව ඉල්ලන්නේ නෑ. මොකද බහුතරයක් පොලීසියේ අය හැසිරෙන විදිය අනුව මටනම් පොලිස්කාරයෝ ඔක්කොම එකයි.(පොලිස් නිළධාරින් කියලා කියන්න හිත දෙන්නේ නෑ)


මේ සිද්ධිය වුනේ මම උසස් පෙළ හදාරන කාලේ. ඒ කියන්නේ දෙදහස් නවය වසරේ පෙබරවාරී මාසේ දවසක. ඒ දවස් වල මම පාඩම් කරේ යාළුවෙකුගේ ගෙදර ගිහින්. මම පාඩම් කරන්න යන ගෙවල් දෙකක් තිබුනා. එකක් අපේ අල්ලපු ගෙදර. එදා මම එහේ පාඩම් කරන්න හිතාගෙනයි ගෙදරින් ගියේ. ඒහෙට ගිහින් ටික වෙලාවක් පාඩම් කරලා කොළ වගයක් ෆොටෝ කොපි කරන්නයි එයාටෙල් සිම් එකක් ගන්නයි හිතාගෙන මම ඒ ගෙදරින් කඩේ ලඟට එන්න ආවා. වෙලාව යන්තම් රෑ 7ට විතර ඇති. මම ආවේ බයිසිකලේ. ඒත් මීටර් 100ක් යන්න වුනේ නෑ බයිසිකලේ රෝද කැරකෙන්නේ නැති වුනා. මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ. බ්රේක් බයින්ඩ් වෙලත් නෑ. කොහොම හරි කළුවරේ අතපත ගාන එක් තේරුමක් නැති නිසා මම ආපහු ගිහින් බයිසිකලේ අර අල්ලපු ගෙදර යාළුවට දීලා ආපහු ඒ පාරෙම ආවා. පාර නම් කට්ට කළුවරයි. ඒත් මොකට බය වෙන්නද. ඒ අපේ ගම. එහෙම හිතාගෙන මම ෆෝන් එකෙත් සින්දුවක් දාගෙන ආවා. කඩේට යන පාර වැටිලා තිබුනේ වෙලක් මැදින්. වෙලක් මැදින් කිවුවට හිතන්න එපා මේ හද්දා පිටිසර පැත්තක කියලා. ඒක වාහන යන තාර පාරක්.


කොහොම හරි මම පාරේ මැදක් හරියට යනකොට මාව පහුකරගෙන ත්‍රීවීලර් එකක් ගියා. රතු පාට ත්‍රී වීලර් එකක්. ඒ ත්‍රීවීල් එක මාව පහු කරන් ටික දුරක් ගිහින් නවත්තනවා මට ඇහුනා. කෝකටත් කියලා මම පිටි පස්ස බැලුවේ අහල පහළ කවුරුවත් හිටපු නැති නිසයි. අනික කළුවරේ නේ. එතන තුන් දෙනෙක් හිටගෙන හිටියා. ඩෙනිමයි ටීෂර්ට් ඇඳන් හිටපු උන් තුන් දෙනාගෙම අතේ පොලු කෑලි තියෙනවා හෙඩ් ලයිට් එකේ එළියෙන් මම දැක්කා. කෝකටත් කියලා අඩිය ඉක්මන් කරලා මම යන්න හදනකොට උන් ටික “අඩෝ ඔහොම නැවතියන්“ කියාගෙන මගේ පස්සේ දුවගෙන ආවා. මොන හත්ඉලව්වක්ද මේ..? කියලාවත් මට හිතාගන්න වුනේ නෑ. මමත් හිටු කියලා දිවුවා. හිනා වෙන්න එපා යකුනේ. උඹලට වුනා නම් චූ ගිහින් මැරෙන්නේ. අවාසනාවකට මට වැඩිදුර දුවන්න වුනේ නෑ මගේ කකුල පැටලිලා මම පාර මැද්දෑවේ ගෙම්බා ගැහුවා වගේ වැටුනා.


නොකරාට තරහද ...?


ඔයා පැය ගාණක් හිතලා දාපු status එක නොදැක්කා වගේ හිටියට
ඔයා දවස් ගානක් හැඩවෙලා ගත්ත photo එකට comment එකක් නොදැම්මට
ඔයා සතිගානක් මහන්සි වෙලා දාපු post එක share නොකරට
ඔයා මාසගානක් බලන් හිටපු birthday එකට wish නොකලට
ඔයා අවුරුදු ගානක් try කරලා වෙනස් කරගත්ත relationship status එකට like එකක් විතරක් දැම්මට
තරහ වෙන්න එපා මෙයා...!
මුළු ජීවිතකාලෙටම ඔයා මගේ friend list එකේ ඉන්නවා

Facebook Chat කරන්නේ පරිස්සමට හොඳේ


දහනම හැවිරිදි ශිෂයයෙකු සමඟ 20 හැවිරිදි තරුණියක කෙරුණු සංවාදය (facebook chat) කි.

…………………………………………………………………………………………….
(ඉංග්‍රීසියෙන් ටයිප් කරලා තියෙන්නේ කොල්ලා. කෙල්ල සම්පූර්ණ සිංහලෙන් :)
May 13 10:09pm

Hi
හායි

where are you from?
ෆ්‍රොම් ෆේස්බුක්

no
Live in?
මගේ ‍ප්‍රොෆයිල් එක බලන්නකෝ

ok
oya A/L karala iwarada?
ඔව්

monawada kare akki?
උසස් පෙළ

hari hari
mama ahanne subject eka?
ඔයා මාව දන්නවාද?

naaaaaaaa
hamoma danagena ah chat karanne
ගණිත විෂය ධාරාව

mamath ekama thama karanne
hari easy ne
ඔයාට කෙල්ලෙක් ඉන්නවද?

enek gana hopes thibuna
but mama eyagen exam iwara unama ahanna kiyala hitiye
mama parakku wadi
ඇයි මොකද උනේ

wena kenek ekka yalu wela
monawa karannada?
dan kale kello ohoma thama
ඇයි ඔයාත් වෙන කෙනෙක් එක්ක යාළු නොවෙන්නේ
ඇයි එහෙම කියන්නේ. කොල්ලෝ හොඳයි ද?

mata ba
mama eyata serious iove kare
sorry
love
ඔයාට වයස කීයද?

yesterday mage birthday eka
19
සුබ උපන් දිනක් වේවා මල්ලියෝ

thank you so much akki
ඔයා ආදරේ කරපු කෙනා ගොඩක් ලස්සනද?

godakma na
lassanai
ඇයි ඔයා එයාට ආදරේ කළේ

eya hari ahinsakai
kawadawath trousers adinne na
skirt witharai adinne
study walata harima dakshai
ඒ නිසාමද ආදරේ කලේ. එයා trousers ඇන්දොත් තරයා වෙනව ද?
එයා ෆේල් වුනොත් තරහා වෙනවද?

ශ්‍රී ලංකාවේ ගණිකාවෝ


මා අසා ඇති පරිදි ලොව පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය ය. ගණිකා වෘත්තියේ ආරම්භය/ අතීතය හෝ විකාශනය පිළිබඳ මෙලෝ හසරක් මා නොදන්නා නමුත් එහි වර්ථමාන තත්වය පිළිබඳ අත්දැකීම් දිනෙන් දින එකතුවන බැවින් ඒ ගැන ලිවීමට සිතුනි.

මා දැන් කොළඹ පදිංචි වී වාගේ සිටියත් මා වැඩිකාලයක් ගතකලේ ගාල්ලේ ය. මා එහි සිටින කාලේ පටන් මාගේ හොඳම මිතුරන් අතර එක් අයෙකුට අපූරු හැකියාවක් තිබිණ. ඒ දිනවල මට ඒ හැකියාව මැජික් ය. ඔහු කාන්තාවක් දෙස බලා ඇය ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් දැයි නැත්දැයි කිය යි.ඔහුත් සමඟ ගාල්ල නගරයේ තරමක් සවස් භාගයේ ඇවිදීමට සිදුවුවහොත් ඔහු අනිවාර්යයෙන්ම ගණිකාවන් යැයි කියා කාන්තාවන් දෙතුන් දෙනෙකුවත් පෙන්වයි. ඔහු එසේ කීවත් එවකට මා එය පිලිගත්තේ නැත. කොළඹ නගරයේ මෙවැනි කාන්තාවන් වෙසෙන බව අසා තිබුනත් ගාල්ල නගරය පිලිබඳ මාගේ හැඟීම ඒ තරම් නොවීය. අනෙක එසේ ඔහු පෙන්වන කාන්තාවන්ට රූ සපුවක් තබා ප්‍රියමනාප පෙනුමක්වත් නැතිවා මෙන්ම ඔවුන් පිරිසිදුකම ගැනවත් තකන අයබව නොපෙනුනි. මගේ සිතිවිල්ල අනුව නම් කිසිදු පාරිභෝගිකයෙකු එවැනි බාල තත්වයේ භාණ්ඩයක් මිල දී ගනු නොමැති බව යි. නමුත් ඒ සිතිවිල්ල සීමා වූයේ ටික කාලයකට පමණි.

දිනක් මධ්‍යම රාත්‍රියට ආසන්න වේලාවක මමත් තවත් මිතුරන් කිහිපදෙනෙකුත් නගරයේ පෝස්ටර් වගයක් ඇලවීමට ගියෝ ය.අප දුම්රිය මඟට ඉහලින් වූ පාලමේ පෝස්ටර් ඇලවීමට ඒ මතට පැමිනි විට එහා කෙලවරේ සරමක් පොරවාගත් තරබාරු මිනිසෙක් බිම වැතිරී සිටිනු දක්නට ලැබිනි.

ඒ මිනිසා දුටු මා කලින් සඳහන් කල මිතුරා එක්වරම “අඩෝ.......!!! “ කියාගෙන ඉදිරියට දිව ගියේ ය. සිදුවන්නේ කුමක් දැයි යන වැටහීමක් මට නොතුබුනු මුත් අපිත් ඉබේටම වාගේ “අඩෝ, මරනෝ යකෝ.......!!! “ කියාගෙන ඔහු පස්සේ දිව ගියෙමු. ඒ ඇසුනු මිනිසා එක් වරම නැගිට පස්ස නොබලා පාලමේ අනෙක් පසට දිව ගියේ ය. ඒ මිනිසා ගිය පසු දුටු දර්ශනයෙන් අපි සියළු දෙනාම පාහේ අපහසුතාවයට පත් විය. ඒ මිනිසාට යටවී සිටියේ හරිහැටි ඇඳුමක් ඇඟේ නැති, අප්‍රසන්න, කාල වර්ණ, මැදිවියේ කාන්තාවකි. ඇයට එක්වරම සිදුවූ දේ සිතාගැනීමට බැරිවා සේ මඳක් අපහසුවෙන් නැඟිට මිනිසා දිවු දෙසට දිව ගියා ය.
සියල්ලෝම මද වේලාවක් යනතෙක් නිහඬ ය.

“උඹ මොකද බං එක පාරටම දිව්වේ. කොහොම ද ඔය සීන් එක දැනගත්තේ ? “ මා හඬ අවදි කලෙමි.

“කවුද බං ඕක නොදන්නේ. මෙතන ඕවට හරි ප්‍රසිද්ධ යි බං.“

ඒත් මගේ හිතට නම් සැනසීමක් නැත. හිත ඇතුලේ ප්‍රශ්න ගොන්න කි. ඇයි මුන් මෙහෙම ඉන්නේ...? කසාදයක් කරගන්න බැරි එවුන් ද...? ඇයි මේ ගෑනු මෙහෙම තමන්ගේ ආත්මයම විකුණගෙන කන්නේ...? වෙන රස්සාවල් නැත් ද මේ ලෝකේ...? ඒ මදිවට ප්‍රසිද්ධියේ...? ඒත් ඒවා ඇහුවොත් මිතුරන් මට කින්ඩි දමනු ඇත. ඒ නිසා ඒ සිදුවීම එතනම වළ දමා ආවෙමි.

ඉන් බොහෝ කලෙකට පසු මම දෙහිවල බෝඩිමක නවාතැන් ගත්තෙමි. බෝඩිම ඇත්තේ ගාලු පාරෙන් මුහුද දෙසට වූ පටු මාර්ගයක ය. ඒ මාර්ගය දෙපසම උස් තාප්ප ගසා ඇත. එක් පසෙක ඇත්තේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලය කි. මාර්ගය කෙළවර වන්නේ වෙරළෙනි. දහවල් කාලයේ ඒ මාර්ගයේ ඇවිදින විට දකින, බිම වැටී ඇති දේ වලින්ම මේ පටු මාර්ගය රාත්‍රියේ ගමන් කිරීමට එතරම් සුදුසු නොවන බව මම තේරුම් ගත්තෙමි.
මම ආහාර ගන්නේ බෝඩිමේම මිතුරන් සමඟ ගාලු පාරට ගොස් එහි ආපනශාලාවකින් ය.

අපි ඔක්කොම Shadow Star

කුරුල්ලාගේ ආශ්චර්යයේ දියණියෝ කථාවෙන් පස්සේ නිතරම තවත් ලියන්නට හුඟක් දේවල් සිද්ධ වුවත් ලියන්නට වෙලාවක් සොයාගැනීම පට්ට අමාරු කේස් එකක් විය. හැමදාම රෑට ලියන්නට සිතා ලැප දිග ඇරගෙන ඇඳට ආවත් ටික වේලාවකින් ලැප උඩ දොයිය බබාය. ඉස්සර වගේ නිතර නිතර ගම් පොජ්ජට මංගඡ්ඡන්න වෙන්නේ නැති නිසා කෝච්චියේ වාඩිවී ලියන්නට අවස්ථාවක් ලැබුනේ ද නැත.

මා උපන්තේකට බ්ලොග් තියා හරිහමන් ලියුමක්වත් ලියා නොමැති නිසා මේ අටමගල ලියන්න පටන් ගත්තේ පට්ට බයෙන් ය. නොදන්න මඟුල් කරන්නට ගොස් වරිගය නහගන්න වුනොත් විලි ලැජ්ජාවේ සන්තෝසයේ බැරි ය. මේ වන තෙක් මං ගැන මෙලෝ හසරක් නොකිවුවේ ඒ නිසා ය. ඒත් දැං දැං රට්ටු කිහිපදෙනෙක් මා ගැන දන්නී ය. ඒත් බොහෝ දෙනා නොදන්නේ ය. එක් කිරිල්ලියක් මා ඉදිරියේම කුරුල්ලාට බැන්නාහු ය. ඈ කියන්නේ කුරුල්ලාගේ හොට (කට) හොඳ නෑ කියා ය. ඒත් බොහෝ දෙනා හොඳ කිව්වෝ ය. ඒ ගැන නම් බොක්කෙන්ම ස්තුති ය.

දැං දැං Grand Finale (ග්‍රෑන්ඩ් ෆිනාලේ) exam වලට ලඟ ය. පුපුව හෝස් ගා පත්තු වන්නේ එවිට ය. ෆිල්ම් බලන්න, බ්ලොග් ලියන්නවත් වෙලාවක් නැති මට පොතක් නම් පේන්නේවත් නැත. ඒ මදිවට දැන් අපට අපේ ලෙක්චර්ස් අතරේ ලියන්නට ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්නී ය. එය ට එක්තරා ලෙක්චරර් නෝනා කෙනෙක් කීවේ ගුණ දොස් කොලේ කියා ය. අපි ඒ කොලේ අපේ ආදරණීය ලෙක්චරස් ලා ගැන ලිවිය යුතු ය. මට නං ඉතිං කවුරුත් එක ය.  ලෙක්චර්ස් මට ඉංගිරීසි චිත්‍රපටයක් වැනි ය. මෙලෝ හසරක් තේරෙන්නේ නැත. උදේ ඉඳන් රෑ වනතෙක් එක එක්කෙනා ඇවිත් රඟපාන්නෝ ය. මමත් රඟපෑම අවසානයේ අප්පුඩි ගසන්නී ය. විහිළුවක් දෙකක් කරොත් ඒ රඟපෑම හොඳ ය. නැත්නම් චිත්‍රපටය ෆේල් ය. ඉඳින් ඒ ගුණ දොස් කොලේ මාගේ මට්ටමින් ඒ උත්තම ලෙක්චරස්ලා ගැන ලියුවොත් එය ආන්නතරීය පාප කර්මය කි. ඒ නිසා ඔක්කෝම ලෙක්චරස්ලාට හරියන්න කියා මෙසේ ලියා තැබුවෙමි.

නොතේරුනොත් Mind Star
ලස්සන නම් Loving Star
Joke කලොත් Comedy Star
ගොං පෑවොත් Dancing Star
නින්ද ගියොත් Dream Star
අපි ඔක්කොම Shadow Star

ආශ්චර්යයේ දියණියෝ



SLIIT එකට ගිය පළමු දවස ගැන කුරුල්ලාගේ සටහන මතක ඇතැයි සිතමි. මතක නැත්නම් මෙතනින් බලාගන්න. එදා දවස ගැන නම් එතනින් එහාට මෙහි පළකිරීමට නොහැක. මන්ද අවුරුදු 3ට වැඩි ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය භාවිත කිරීමේ අයිතිවාසිකමක් ඇත්තේය. ඉඳින් ඒවා මෙහි පළ කිරීමට නොහැක.

කාලයත් සමඟ “එස් ඇල් අයියයි ටී“ ය කෙමෙන් කෙමෙන් මට පුරුදු ඉස්ථානයක් බවට පත් විය. කොමන් රූම් මට කොහොමත් කොමන් ය. මන්ද දවසේ වැඩි හරියක් ගතවන්නේ එහි ය. අපේ සැට් එකේ කිරිල්ලියන් කිහිප දෙනාට ද ලෙක්චර්ස් කප්පාදු කිරීම සිම්පල් කේස් ය. ඒ නිසා ඔවුන්ට ද කොමන් රූම් කොමන් ය. ඉඳින් මට ද කොමන් ඒරියාවෙන් යන්නට සිත දෙන්නේම නැත. මේ කිරිල්ලියන් අතරේ ඇහැට මෙන්ම කනට ද පේන කිරිල්ලියන් කිහිප දෙනෙකුම සිටින්නේ ය. ඒ අතරින් රූබර සුකුමාල මට සිළුටු දෙමළිච්චියක් උන්නා ය. ඇයට සිංහල නම් ලොවෙත් බැරි ය.ඒත් කඩ්ඩ නම් දෙපැත්තම කැපේ. මගේ මොට කඩ්ඩෙන් සටනට ගියොත් කපාගන්න වෙන නිසා මම යුද්ධයට නොගියා ය.


ඇය ගැන විශේෂයෙන් කීවේ එක් හේතුවක් නිසා ය. ඈ ඇවිදින විට තම පශ්චාත් භාගයට ( එහෙත් එය භාගයක් නොව අම්බානක රබානක් වැනි සම්පූර්ණ එකකි ) තම පශ්චාත් පෙදෙසට අත තබාගෙන ඇවිදීම ඇයගේ සිරිතකි. මුල් දවසේ නම් මා සිතුවේ දවල්ට වැඩිපුර කා පශ්චාත් භාගය බර වී ඇතැයි කියා ය. එහෙත් ඇය හැමවිටම එසේ ය. ඒ මදිවට ඇවිදින්නේ ද රුවිතයට ය. එනම් ඈ අඩියක් තබා අනෙක් අඩිය තබන්නේ ඉදිරියෙන් නොව, අංශක විසි තුනහමාරක් ඇදේට ය. ඒ නිසා ඇය ඇවිදිනු දකින විට මට පෘතුවිය ආනතව පිහිටන බව නිරායාසයෙන්ම මතකයට නැගේ. මාගේ තීක්ෂණ නුවන අනුව නම් ඇය එසේ ඇවිදින්නේ ඇයගේ ගාත් අතර කුමන හෝ තියුනු යමක් සිරවී ඇති නිසා විය යුතුය. බොහෝ විට එය වෙරළු ඇටයක් විය හැක.


කුරුල්ලා ස්ලිට් (SLIIT) යයි

ඔන්න ඉතිං කුරුල්ලා නමෝ විත්තියෙන් වැඩක් පටන් ගත්තේ ය. කුරුල්ලාගේ උසස් පෙළ ප්‍රතිඵල හිතපු තරම් හොඳ වුනේ නැති නිසා කුරුල්ලා නන්නත්තාර වුනා නෙව. කර කියාගන්න දෙයක් නැතුව පෙ‍ඳේ අධෝ මුඛේ ගහගෙන කල්පනා කරපු කුරුල්ලට SLIIT කියන නම දැනගන්න ලැබුනේ කොළඹ කාක්කෙක්ගෙන් ය. ඒක විස්ස විද්දියාලයක්ලු ඕං. කොළොං පුරේ මොණර මොණරියොලු යන්නේ. මේ කුරුල්ලා මොණරෙක් දකින්නවත් නැති එකෙක් වුනත්, ඕන පෙඳයක් පාන් පෙත්තක් කියලා හිතලා ඒ විස්ස විද්දියාලෙට සෙට් වුනා ය. ( මොණර කොළ හොයාගන්නත් සිරි ගේමක් දෙන්න වුනි ය. ඒ ගැන පස්සේ කියන්නෙමි )


අෆ්ෆට සිරිවෙන තැනක් නෙව ඒක. කිරි අප්පට හුලං ගහපි. දත් සැට් එක පූට්ටුවෙන හීතලක් බං ඒකෙ තියෙන්නේ. අපේ ගෙදර වහළෙ හිල් වලින් වතුර වැටුනට ඒකේ හිල් වලින් එන්නේ හුලං ය. ඇතුලට ගිහින් පඩියක් උඩ වාඩි වෙලා හිටියත් සැප ය. හැබැයි මේකේ පඩි පේළිය නං හිටු කියල දුවන්නේ ය. අඩියක් ගහන්න බැරි ය. නිකං හරි කෙළ වෙලා වැට්ටොත් අමුඩෙත් එක්කම මාට්ටුය. ඒ නිසාම පුටුවක් ඇදගෙන වාඩි වුනේ බස් එකේ ඇවිත් පොට පැනල තිබ්බ අඬු පඬු ටිකක් සෙට් කරගෙනම කන්ද නගින්න හිතාගෙන ය. තට්ටු 15ක් නඟින එකත් ලේසි කෙළියක් නෙවෙයි නෙව.


හීතලටමද කොහෙද සිරිවෙන්න මූත්‍රා බරක් සෙට් වෙලා ය. ඕකත් තද කරගෙන මේ අටමගල නගින්න ගියොත් තව කෙළියක් ය. මෙච්චර කාලයක් ගහක් මුලට ගිහින් බර හෑල්ලු කරගත්ත මට මොන වැසිකිලි ද. සිහිල් සුවය විඳිමින් ඒ ලබන සැහැල්ලුව මට සිලිටුය. ඉස්කෝලෙ ගියත් වැස්සකට මිස වැසිකිළියට නොගිය මට වැසිකිලි අප්පිරිය ය. ඒත් මේ අහල පහළක ගහක් තියා ගහක මුලක්වත් නැත. දැන් ඉතින් මට දෙයියන්ගේම පිහිට ය. දෙයියොත් උඩ තට්ටු වල ය.


Related Posts Plugin for WordPress, Blogger...