ශ්‍රී ලංකාවේ ගණිකාවෝ


මා අසා ඇති පරිදි ලොව පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය ය. ගණිකා වෘත්තියේ ආරම්භය/ අතීතය හෝ විකාශනය පිළිබඳ මෙලෝ හසරක් මා නොදන්නා නමුත් එහි වර්ථමාන තත්වය පිළිබඳ අත්දැකීම් දිනෙන් දින එකතුවන බැවින් ඒ ගැන ලිවීමට සිතුනි.

මා දැන් කොළඹ පදිංචි වී වාගේ සිටියත් මා වැඩිකාලයක් ගතකලේ ගාල්ලේ ය. මා එහි සිටින කාලේ පටන් මාගේ හොඳම මිතුරන් අතර එක් අයෙකුට අපූරු හැකියාවක් තිබිණ. ඒ දිනවල මට ඒ හැකියාව මැජික් ය. ඔහු කාන්තාවක් දෙස බලා ඇය ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් දැයි නැත්දැයි කිය යි.ඔහුත් සමඟ ගාල්ල නගරයේ තරමක් සවස් භාගයේ ඇවිදීමට සිදුවුවහොත් ඔහු අනිවාර්යයෙන්ම ගණිකාවන් යැයි කියා කාන්තාවන් දෙතුන් දෙනෙකුවත් පෙන්වයි. ඔහු එසේ කීවත් එවකට මා එය පිලිගත්තේ නැත. කොළඹ නගරයේ මෙවැනි කාන්තාවන් වෙසෙන බව අසා තිබුනත් ගාල්ල නගරය පිලිබඳ මාගේ හැඟීම ඒ තරම් නොවීය. අනෙක එසේ ඔහු පෙන්වන කාන්තාවන්ට රූ සපුවක් තබා ප්‍රියමනාප පෙනුමක්වත් නැතිවා මෙන්ම ඔවුන් පිරිසිදුකම ගැනවත් තකන අයබව නොපෙනුනි. මගේ සිතිවිල්ල අනුව නම් කිසිදු පාරිභෝගිකයෙකු එවැනි බාල තත්වයේ භාණ්ඩයක් මිල දී ගනු නොමැති බව යි. නමුත් ඒ සිතිවිල්ල සීමා වූයේ ටික කාලයකට පමණි.

දිනක් මධ්‍යම රාත්‍රියට ආසන්න වේලාවක මමත් තවත් මිතුරන් කිහිපදෙනෙකුත් නගරයේ පෝස්ටර් වගයක් ඇලවීමට ගියෝ ය.අප දුම්රිය මඟට ඉහලින් වූ පාලමේ පෝස්ටර් ඇලවීමට ඒ මතට පැමිනි විට එහා කෙලවරේ සරමක් පොරවාගත් තරබාරු මිනිසෙක් බිම වැතිරී සිටිනු දක්නට ලැබිනි.

ඒ මිනිසා දුටු මා කලින් සඳහන් කල මිතුරා එක්වරම “අඩෝ.......!!! “ කියාගෙන ඉදිරියට දිව ගියේ ය. සිදුවන්නේ කුමක් දැයි යන වැටහීමක් මට නොතුබුනු මුත් අපිත් ඉබේටම වාගේ “අඩෝ, මරනෝ යකෝ.......!!! “ කියාගෙන ඔහු පස්සේ දිව ගියෙමු. ඒ ඇසුනු මිනිසා එක් වරම නැගිට පස්ස නොබලා පාලමේ අනෙක් පසට දිව ගියේ ය. ඒ මිනිසා ගිය පසු දුටු දර්ශනයෙන් අපි සියළු දෙනාම පාහේ අපහසුතාවයට පත් විය. ඒ මිනිසාට යටවී සිටියේ හරිහැටි ඇඳුමක් ඇඟේ නැති, අප්‍රසන්න, කාල වර්ණ, මැදිවියේ කාන්තාවකි. ඇයට එක්වරම සිදුවූ දේ සිතාගැනීමට බැරිවා සේ මඳක් අපහසුවෙන් නැඟිට මිනිසා දිවු දෙසට දිව ගියා ය.
සියල්ලෝම මද වේලාවක් යනතෙක් නිහඬ ය.

“උඹ මොකද බං එක පාරටම දිව්වේ. කොහොම ද ඔය සීන් එක දැනගත්තේ ? “ මා හඬ අවදි කලෙමි.

“කවුද බං ඕක නොදන්නේ. මෙතන ඕවට හරි ප්‍රසිද්ධ යි බං.“

ඒත් මගේ හිතට නම් සැනසීමක් නැත. හිත ඇතුලේ ප්‍රශ්න ගොන්න කි. ඇයි මුන් මෙහෙම ඉන්නේ...? කසාදයක් කරගන්න බැරි එවුන් ද...? ඇයි මේ ගෑනු මෙහෙම තමන්ගේ ආත්මයම විකුණගෙන කන්නේ...? වෙන රස්සාවල් නැත් ද මේ ලෝකේ...? ඒ මදිවට ප්‍රසිද්ධියේ...? ඒත් ඒවා ඇහුවොත් මිතුරන් මට කින්ඩි දමනු ඇත. ඒ නිසා ඒ සිදුවීම එතනම වළ දමා ආවෙමි.

ඉන් බොහෝ කලෙකට පසු මම දෙහිවල බෝඩිමක නවාතැන් ගත්තෙමි. බෝඩිම ඇත්තේ ගාලු පාරෙන් මුහුද දෙසට වූ පටු මාර්ගයක ය. ඒ මාර්ගය දෙපසම උස් තාප්ප ගසා ඇත. එක් පසෙක ඇත්තේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලය කි. මාර්ගය කෙළවර වන්නේ වෙරළෙනි. දහවල් කාලයේ ඒ මාර්ගයේ ඇවිදින විට දකින, බිම වැටී ඇති දේ වලින්ම මේ පටු මාර්ගය රාත්‍රියේ ගමන් කිරීමට එතරම් සුදුසු නොවන බව මම තේරුම් ගත්තෙමි.
මම ආහාර ගන්නේ බෝඩිමේම මිතුරන් සමඟ ගාලු පාරට ගොස් එහි ආපනශාලාවකින් ය.



දිනක් රාත්‍රී  8ට පමණ අපි ආහාරය ගෙන නැවත බොඩිමට ඒමට පටු මාර්ගයට පිවිසෙන විට තරුණයෙක් එක්වරම කලබල වී අපදෙසට එනු දුටු වෙමු. ඉන් මීටර් කිහිපයක් එහා ලේන්සුවක් අතට ගත් කාන්තාවක් සිටියා ය. තාප්පයට හේත්තු වී සිටි ඇය අප දුටු වහා කලබල වී, අයාසයෙන් සන්සුන් වීමට උත්සහ දරනු පෙනින. පසුව හැමදාම වාගේ ගාලු පාරෙන් එම පටු මාර්ගයට පිවිසෙන තැන එම කාන්තාව දැක ගත හැකි විය. ඇය සැමවිටම අතේ ලේන්සුවක් කරකවමින් සිටින්නී ය. ඉන් දවස් දෙක තුනකට පසුව මා නොසිටි දිනයක මිතුරෙක් එම කාන්තාවම එම ස්ථානයේම වෙනත් අයෙකු සමඟ අදාල කාර්යයේ නිරතවනු දැක ඇත. ඇය නම් සැබවින්ම යක්ෂනියකට සමාන අංග ලක්ෂන දරන්නී ය. කාල වර්ණ රැලි ගැසුනු සම, බිඳුනු නාසය, දත් හැලුනු මුඛය දැකීමටත් අප්‍රිය සහගත ය. එහෙත් එදා මා දුටු තරුණයා තරමක් කඩවසම්, අවුරුදු 25ක පමණ පුද්ගලයෙකි. අනෙක ඒ වනවිට වේලාව රාත්‍රී 8 වත් පසුවී නැත. ඒ ගැන නම් පුදුම ය.

ඇත්තටම ඇයි මෙහෙම අසහනකාරයෝ බිහිවෙන්නේ? තමන්ගේම කියලා සම්බන්ධතාවක් ගොඩනඟා ගන්න මේ මිනිස්සුන්ට ඇති නොහැකියාව මොකක් ද? තමන්ගේම කෙනෙකුගෙන් ලබන ආත්මීය බැඳීමට වඩා මේ බැඳීමේ ඇති විශේෂත්වය කුමක් ද? මේ ගැහැණුන්ට මේ හැර වෙනත් රැකියාවක් ඇත්තේම නැත් ද? මේවා නම් මට තවමත් ප්‍රශ්ණ ය.

ගණිකා වෘත්තිය සමාජයටම පිලිලයකි. සමාජ රෝග පැතිරයන්නේ ද මෙවැනි අනියම් වූ අනාරක්ෂිත ඇසුර නිසා ය. අපගේ තරුණ පරපුර මේ නිසා විනාශයට පත්වනු බලා සිටිය හැකි ද? ආදරය, වගකීම් මත පදනම් වූ ආත්මීය බැඳීමක් කෙතරම් වටිනවා ද?

අද බෝඩිමේ මා හැර කිසිවෙක් නොසිටි නිසා මා තනිවම බෝඩිමෙන් පටු මාර්ගය දිගේ ආවෙමි. කාන්තාවක් මා දෙසට දිව එනු මා ඈත දීම දුටුමි. ඇය පිටුපස තවත් සිව් දෙනෙක් දිව එයි. ඉදිරියෙන් ආ කාන්තාව හඳුනා ගැනීමට අපහසු වුවත් පිටුපසින් ආවේ පොලිස් නිළධාරීන් තිදෙනෙක් හා පොලිස් කාන්තාවකි. තවත් මා අසලට එන විට, ඉදිරියෙන් ආවේ මා පෙරකී යක්ෂණියක් වන් කාන්තාව බව පෙනින.

ටික වේලාවකින් ඇය මා පසුකර මුහුද දෙසට දිව ගියා ය. පොලිස් නිලධාරීන් ඇය පසුපස වේගයෙන් දිව ගියෝ ය.

18 comments:

  1. කාලෝචිත දෙයක්. එත් හුඟක් දෙනෙක් කථා කරන්නේ නෑ මේ ගැන. එල එල. දිගටම ලියන්න

    ReplyDelete
  2. කැත දෙයක් ලස්සනට ලියල

    ReplyDelete
  3. 1. ලිපිය ගැන - ආරම්භය හොඳයි... ලියන්න පුළුවන්.. තව ටිකක් ලුණු ඇඹුල් දාන්න..

    2. අදහස - ගණිකා වෘත්තිය නීත්‍යානුකූල විය යුතුයි. ඒක මගේ ස්ථාවරය.. අගු පිල් ගානෙ ගිහින්, චාටර් විදියට ඒ වැඬේ කරන්නෙ නැතුව අවශ්‍යතාව තියෙන අයට ඒක කරගන්න පුළුවන් වෙන්න ඕන. අමතක කරන්න එපා.. මිනිස් සංහතිය ඇඳුම් අඳින්නත් කලින් තමයි ලිංගික තෘප්තිය හෙවුවෙ. අනික ලිංගික තෘප්තිය කියන්නෙ දරුවන් හදන එක නෙවෙයි.

    ReplyDelete
  4. ආදරනිය සහෝදරයා...
    වැරැද්දක් වගේම මේකෙ යම්කිසි සමාජ කොට්ටාශයක වගකීම් පැහැර යවීමක් ගැනත් මතක් වෙනවා.. බේබදු/සල්ලාල/නූගහ් පියවරුන් තම දුවනියන් නගරයට එවනේ රස්සවක් කරලා කීයක් හරි හොයා ගන්න... එහෙම නගරයට එන අහින්සක කෙල්ලො මෙතෙනදි මුදලාලිලට නෝනලට අහුවෙනවා... පලමු සේවදයකය අවිත් නිරුවත පෙන්නන කම්ම ඔවුන්ගේ බහුතරය දන්නේ නෑ ඔවුන් බාරගත්ත රැකියාව....තමන්ගේ ඒ මැඩම්ට බයේ දිගටම ඒ පව්කාර ජීවිතෙන් පැනලා යන්න බැරි කෙල්ලොත්ය් ඉන්නවා.. එහෙම්මත් නැත්නම් තමන්ගේ අම්ම තාත්ත හරි වෙන ලගම කෙනෙක්ගෙ බෙහෙත් වලට මුදල් හොයාගන්න බැරුව ඔය දේ කරන අයත් ඉන්නව...

    *****ඔය කිව්වේ අහින්සක පැත්ත විතරයි******
    මුඩුක්කු සමාජයෙන් එලියට එන. පියා නොදන්නා විලි බිය නැති යුවතිය, ගන්ජා කසිප්පු කුඩු ව්යාපාර වලට අමතර ඕකත් බිස්නස් එකක් වශයෙන් කරනවා...එතනම් නම් තියෙන්නෙ තනිකරම කිසිදා නොවිදි මුදල් දැකීමේ වටිනාකම.....


    නමුත් තරු පහේ ගනිකා සේවය ඔයිට වඩා වෙනස් දෙයක් මම දන්න විදියට....

    කාලෝචිතද නැද්ද නම් මන් දන්නේ නෑ.. ඒත් ඒක සමජයට කැලලක් වුනත් ඒකී යෙදෙන්නියන් හැමෝටම එකම වචන ටිකෙන් බනින්න බෑ කියන එකයි මගේ මතය....

    ජය වේවා

    ReplyDelete
  5. "හැමෝටම එකම වචන ටිකෙන් බනින්න බෑ කියන එකයි මගේ මතය...." කියන දේට මමත් එකඟයි. වෘත්තිය නරක වුනත් ඒ යෙදෙන කෙනාගේ පසුබිම අපි දන්නේ නෑ නේ.

    ReplyDelete
  6. කොහොම ඉදපු කොල්ලෙක්ද....උඹට ඕවා ඇස ගැටෙන්න හොද නෑ...ඉස්සර කෙල්ලෙක් දක්කත් අහක බලන කොල්ලෙක්..දැන් කොලඹ රටට ගිහින් නා නා ප්‍රකාර ඒවා දැකලා...

    ReplyDelete
  7. එහෙම තමා. මිනිස්සු හැමදාම එකවගේ නෑ නේ. දැන් උඹ වුනත් බලපන්....!

    ReplyDelete
  8. Lingikathwaya kiyanne pirimiyek ha gahaniyek thama thamange niruwath sirura upayogi karagena e asurin thrupthiyak labana eka witharay kiyana mathaya thula mama inne nae. Eka kochchara durata harida kiyalath mama danne nae. Mama thawama AL hadarana kenek. Ithin mama mage manasath ekka godak welawata ganudenu karanawa. Magen mage manasa godak welawata illana deyak thamay "Sathuta" saha "Sanasuma". Ithin mama godak welawata eka sapayanne rasawidinna puluwan sindhuwak hari film ekak hari ahala ho balala. Ehemath nathinam kalathurakin (mage busy bawa nisa) pansalakata gihin. Eth samajaye inna minissu hamoma ekama akaraye nae ne! Eyalath jiwathwenne thamange manasa pinawanna. Eth mama kiyapu widiyatama nowenna puluwan. Ithin mama dakina e manasa pinawana ek akaraya thamay me lingikathwaya. Eth mama danna boho dena kiyanne meka "Wishamachara kriyawak" kiyalay. Mama hithanne e gollo kawadawath kasada bandala lamay ehema hadanne nathi wey. Mage maw agama wana Budu dahameth kiyawenne papa karmayak wanne e lingikathwaya waradi lesa yodagannakota kiyalay. Anith mama garu karana agam walath ehemay.
    Eth methana kiyanne wenama siddiyak. E lingikathwaye ayatha paribhojanayak. Anna eka nam hama agamakin wagema yahapath samajayakinuth pilikul karana dharmayak (procedure). Me wage dewal neethigatha kireema Sri Lankawa wage bauddha ratakata nam kohethma sudusu nae. Yam deyak neethi gatha karanawa kiyanne, ekata kisiyam thathwika bawak deela, samajaya piligath deyak bawata path karana eka neda? Ithin me wage ratakata ehema deyak galapenawada? (Karunakara prathi wiruddha adahas hethu athiwa idiripath karanna thiyenawanam)
    Hoday, ehenam ithin ekama kriyawe meka naraka paththa nam honda paththath epay. Kellek kollek ekka adaraya karala kasada bandinawa. E e dennatama wen wuna aluthma lokayakata manasin athulu wenna. (Manasa thrupthimath karanna). Athmayan 2k ekwi aluthma gamanak yanna pitath wenawa. Loke pawathmata me gamana nirathuruwama siddha wenna one. E athma 2n 3 weni athmayakata pana powanne me lingikathwaya nisama noweda? Eka samajaya pilikul karanawada? Api kawadawath gabini amma kenek bus 1ta naggama banala panna gannawada jara ganiyak kiyala? Eth ganikawak kiyala nithiyen sammatha karapu kenek naggoth thathwe kohomada? Penawa neda me ratata ehema nithiyak genawoth thiyena barapathalakama?
    Anika 150/- ta ganna mudukku kadeka, Sri Lankika tharuniyakage ho kanthawakage athmaya winasha wenne (Kamaththen ho nathiwa) kochchara durata sthawara manasika thrupthiyak udesada? 1hour or 3o mins walin e manasika thrupthiya san sindenawada? Ehema sansindenawanam ay ayeth e pirimiya thawath gahaniyak ho e gahaniya wethatama enne? Eeta wada kochchara watinawada wiwaha diwiyen labena manasika thrupthiya? Namath rakagena hamath noya inna puluwan nemey da?
    Me gana katha karanna me blog post eke terminal host eka idath madi wey. Meka awissuwoth nawathinne kohenda kiyalawath hithanna amarui.
    Illumak nathi nam sapayumath akriya wenawa. E wagema sapayumak nathinam illumakuth nathi wenawa.
    Manasa kiyana eka hariyata aduraganna puluwan adhyapana kramayak lankawata awoth me hama deyakma yahapath wenawa. Mage darshanaya ekay.
    Mama godak kamathiy me gana wichara, wiwechana idiripath wena tharamatama!

    ReplyDelete
  9. Kurulla oya maru aee....!!!

    ReplyDelete
  10. පොඩ්ඩක් හිටහං....පොඩ්ඩක් හිටහං....සීන් එකේ ඒ ගෑණි හිටිය,පොලිස් කාරයො හිටිය,පොලිස් කාන්තාවක් හිටිය,එතකොට බං ප්ලෙයර් කෙනෙක් ඉදල නෑනේ!
    උඹට ෂුවර්ද ඒ ගෑණි උඹේ පැත්තට කියල දුවං ආවේ.නැතුව උඹ හිටපු තැන ඉදල ඉස්සරහට නෙවෙයිනේ? උඹ කොහේද බං ඉන්නේ? ඇතුලෙ ලැප් 1 පාවිච්චි කරන්න දෙනවද?
    පොලිස් කාරයො උඹට ගැහුවද බං? මං උඹට කලින්ම කිව්වනේ!
    කොහෙද මම කියන එකක් කනකට ගන්නෙකක්යැ.....

    ReplyDelete
  11. තත්වය නම් සෝචනීයයි නේද මිත්‍රයා

    ReplyDelete
  12. arthikaya diunu nisa wena wada.eka pudgala adayama wadiweddi ganikawo wela hari eka wadi karanna darana uthsahayak,asiyawe ashcharye owa idiriyedi sulaba dasun wanawa noanumaanai

    ReplyDelete
  13. ow machan mageth oya widiyeme yaluwek hitiya api class yana kale. okatath oya wagema ganiyek diha balala kiyanawa oya gani ahawal ganiyek kiyala. eth matath kalayak yanakam wisiwasa karanna bari una eka eehmai kiyala. mokada un diha baluwama matanam hitha ganna ba mechchra apirisidu ganuth ekka minissu kohoma nida gannawada kiyala. anika kisima lassanak na. :(

    ReplyDelete
  14. ***ඔහු කාන්තාවක් දෙස බලා ඇය ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් දැයි නැත්දැයි කිය යි***
    මචන් මම මේ කෑල්ලටනම් කැමති නෑ... මිනිස්සුන්ව රූපෙන් මනින්න බෑ... කාන්තාවක් තනිකඩ වූ පලියට ඈ ගනිකාවක් වන්නේ නෑත,, ලස්සනට ඈන්ද පලියට ඇ ගනිකාවක් වන්නේ නෑත.... වටින ලිපියක්.. ස්තූති

    ReplyDelete
  15. අඩා චැහ්.
    එලා ඇ ජය වේවා!

    ReplyDelete
  16. අනේ මචෝ................... උබ අපිව දාලා ගිය විතරයි... උබ වෙනස් වෙලානේ...
    කොහොම හිටපු එකෙක්ද?

    ReplyDelete
  17. මේවා මුළු සමාජයේම වැරදි ආර්ථික පීඩනය තමයි මේවට බලපාන්නේ සල්ලි නැති උනාම ඇඟ විකුනලා හරි මිනිස්සු ගෑනු සල්ලි හොයනවා හරිම සෝචනීය තත්වයක් ඒත් ගණිකාවට විතරක් දොස් කියලා වැඩක් නැහැ.උන් එක්ක බුදියන්න යන පිරිමි හන්දා තමයි ගණිකා වෘත්තිය සමාජයෙන් තුරන් කරන්න බැරි......

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මූණටම කියන්න

Related Posts Plugin for WordPress, Blogger...