අපි ඔක්කොම Shadow Star

කුරුල්ලාගේ ආශ්චර්යයේ දියණියෝ කථාවෙන් පස්සේ නිතරම තවත් ලියන්නට හුඟක් දේවල් සිද්ධ වුවත් ලියන්නට වෙලාවක් සොයාගැනීම පට්ට අමාරු කේස් එකක් විය. හැමදාම රෑට ලියන්නට සිතා ලැප දිග ඇරගෙන ඇඳට ආවත් ටික වේලාවකින් ලැප උඩ දොයිය බබාය. ඉස්සර වගේ නිතර නිතර ගම් පොජ්ජට මංගඡ්ඡන්න වෙන්නේ නැති නිසා කෝච්චියේ වාඩිවී ලියන්නට අවස්ථාවක් ලැබුනේ ද නැත.

මා උපන්තේකට බ්ලොග් තියා හරිහමන් ලියුමක්වත් ලියා නොමැති නිසා මේ අටමගල ලියන්න පටන් ගත්තේ පට්ට බයෙන් ය. නොදන්න මඟුල් කරන්නට ගොස් වරිගය නහගන්න වුනොත් විලි ලැජ්ජාවේ සන්තෝසයේ බැරි ය. මේ වන තෙක් මං ගැන මෙලෝ හසරක් නොකිවුවේ ඒ නිසා ය. ඒත් දැං දැං රට්ටු කිහිපදෙනෙක් මා ගැන දන්නී ය. ඒත් බොහෝ දෙනා නොදන්නේ ය. එක් කිරිල්ලියක් මා ඉදිරියේම කුරුල්ලාට බැන්නාහු ය. ඈ කියන්නේ කුරුල්ලාගේ හොට (කට) හොඳ නෑ කියා ය. ඒත් බොහෝ දෙනා හොඳ කිව්වෝ ය. ඒ ගැන නම් බොක්කෙන්ම ස්තුති ය.

දැං දැං Grand Finale (ග්‍රෑන්ඩ් ෆිනාලේ) exam වලට ලඟ ය. පුපුව හෝස් ගා පත්තු වන්නේ එවිට ය. ෆිල්ම් බලන්න, බ්ලොග් ලියන්නවත් වෙලාවක් නැති මට පොතක් නම් පේන්නේවත් නැත. ඒ මදිවට දැන් අපට අපේ ලෙක්චර්ස් අතරේ ලියන්නට ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්නී ය. එය ට එක්තරා ලෙක්චරර් නෝනා කෙනෙක් කීවේ ගුණ දොස් කොලේ කියා ය. අපි ඒ කොලේ අපේ ආදරණීය ලෙක්චරස් ලා ගැන ලිවිය යුතු ය. මට නං ඉතිං කවුරුත් එක ය.  ලෙක්චර්ස් මට ඉංගිරීසි චිත්‍රපටයක් වැනි ය. මෙලෝ හසරක් තේරෙන්නේ නැත. උදේ ඉඳන් රෑ වනතෙක් එක එක්කෙනා ඇවිත් රඟපාන්නෝ ය. මමත් රඟපෑම අවසානයේ අප්පුඩි ගසන්නී ය. විහිළුවක් දෙකක් කරොත් ඒ රඟපෑම හොඳ ය. නැත්නම් චිත්‍රපටය ෆේල් ය. ඉඳින් ඒ ගුණ දොස් කොලේ මාගේ මට්ටමින් ඒ උත්තම ලෙක්චරස්ලා ගැන ලියුවොත් එය ආන්නතරීය පාප කර්මය කි. ඒ නිසා ඔක්කෝම ලෙක්චරස්ලාට හරියන්න කියා මෙසේ ලියා තැබුවෙමි.

නොතේරුනොත් Mind Star
ලස්සන නම් Loving Star
Joke කලොත් Comedy Star
ගොං පෑවොත් Dancing Star
නින්ද ගියොත් Dream Star
අපි ඔක්කොම Shadow Star

15 comments:

  1. සිතුම් සිරිවර්ධනMarch 27, 2011 at 8:12 PM

    මැක්සා මල්ලී... දිගටම ලියන්න
    අර කෙල්ල කියපු කථාවනම් ඇත්ත. උඹේ හොට නං හොඳනෑ තමයි

    ReplyDelete
  2. අඩෝ....චූ කුරුල්ලා...තෝ මට නිකමට වත් කිව්වේ නෑ නේ ලියනවා කියලා...කපෝති කරනවා කුරුල්ලා...කපනව මම :)

    ReplyDelete
  3. රට්ටුන්ට දැන ගනන්ත් එක්ක දිගටම ලියන්න

    ReplyDelete
  4. ජින්නා අන්නාApril 7, 2011 at 6:49 AM

    දැන ගන්න තියන්න එපා. හැංගිලා කරන කොට ආතල් හිකි හිකි !

    ReplyDelete
  5. හොට නං හොඳ නෑ කියලා කෙල්ලො විතරමයි කියන්නේ :)

    ReplyDelete
  6. රත්ගමයා අයියා කපනවා කිව්වේ මොන කුරුල්ල යි ?

    ReplyDelete
  7. අන්නා ඇයි එතකොට කුචි ද ? : කට කනේ

    ReplyDelete
  8. අඩේ චූ කුරුල්ලෝ....වැඩේ නම් පට්ටය. අනන්‍යතාවට හෙලි නොකෙරුවොත් හොදය.. සදාචාර සම්පන්න විදියට ලිව්වොත් තවත් හොදය.. නැත්තම් තෝ ලියන් එව්වාට අපිටත් ෆීඩ්බැක් ලැබෙනවාය..

    ReplyDelete
  9. පට්ටයි. දිගටම ලියපං.

    ReplyDelete
  10. " මමත් රඟපෑම අවසානයේ අප්පුඩි ගසන්නී ය "

    ඔකකොමත් හරිය. නමුත් කොල්ලෙක් වී සත්‍රීලිංගයෙන් ලිවීමනම් කුජීතය

    ReplyDelete
  11. onna kurulloooo labana sathiye indala aye mega star patan ganiy!!!

    ReplyDelete
  12. බයෙන් ලියන්න ඕන යෑ. හිතට එන එක ඔහේ කොටලා දාන්න.

    මාරම ස්ටාර්ලා ටික නේ.එක රැයකින් ජනප්‍රිය වෙලා එක රයකින් බහලා යන ස්ටාර් ලෝකයක් මේක !!!!! හික්ස්.

    ReplyDelete
  13. ශා...ඔයාගෙ උපාධිය රියැලිටි ශෝ එකක්ද කුරුල්ලො..???

    ReplyDelete
  14. ඔහොම යං ඔහොම යං ඔහොම යං ..... හොරාටම වැඩ පටන් අරගෙන

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මූණටම කියන්න

Related Posts Plugin for WordPress, Blogger...