රහස් දේ රැකගන්න | කෙල්ලන්ට පමණයි


ලංකාව දියුණුයි ලු. ඒත් අද ලංකාවේ වැඩිපුරම ඉන්නේ Internet explorer වලින් යන්තං අමාරුවෙන් Google හොයගෙන ගිහින් search box එකේ www.facebook.com කියලාම ගහලා facebook එකට ගොඩවෙන පිරිසක්. දවස පුරාම අන්තර්ජංජාලයේ සැරිසරනව වගේම එක එක පන්තිවල මිනිස්සුත් එක්ක ගොඩක් ගණුදෙනු කරන නිසා මම ඒ ගැන හොඳට දන්නවා. කොටින්ම කියනවා නං අපේ වැඩිදෙනෙක් අන්තර්ජාලයට ගොඩවදින්නේම මූණුපොතේ කරක් ගහන එකම සහ පරම පිවිතුරු චේතනාවෙන්. මේ පිරිසෙන් සියයට 60ක පමණ පිරිසක් පිරිමි අය. සියයට 35ක් පමණ පිරිසක් ගැහැණු අය. එතකොට ඉතිරි සියයට 05...? නෑ ඒගොල්ලෝ නපුංසකයෝ නෙවෙයි. කාන්තාවන් වගේ පෙනී සිටින පිරිමි අය ඒ ගොඩට වැටෙනවා.
මේ අතරින් බුකියෙදී (ෆේස්බුකියේදී) වැඩිපුරම අනාගන්නේ ගැහැණු අය තමයි. මොකද පිරිමි ළමයි යන්තං උගුරු දණ්ඩ මෝදුවෙන්න පටන් ගන්න කොටම කැෆේ අස්සේ රිංගලා එක එක ජරමල කරලා කොහොම කොහොම හරි යන්තං අන්තර්ජාලයේදී තමන්ගේ ජන්මේ බේරගන්න දන්නවා. ඒත් ගැහැණු අය නොදැනුවත්කම, නොසැලකිල්ල සහ මෝඩකම නිසා නිකරුනේ අමාරුවේ වැටෙනවා. (මෝඩයි කිව්වට තරහා ගන්න එපා. මේක කියවලාම බලන්නකෝ මෝඩ නැත්ද කියලා)
ඉතින් මම කියන්නම් ගොඩක් ගෑණු ළමයින් වරද්දගන්න තැන් කිහිපයක්.


Password/රහස් පදය භාවිතය


Password එහෙමත් නැත්නම් රහස් පදය කියන්නේ රහසේ තියාගන්න දෙයක්. ඒක තමන් විතරයි දැනගන්න ඕන. ඒත් සමහර අය ඉන්නවා තමන් දන්න අයට එක එක හේතු නිසා රහස් පදය දෙන. සමහරු තමන් ගොඩක් ආදරෙයි කියලා පෙන්නන්නත් තමන්ගේ බුකියේ රහස් පදය දෙනවා. කොහොම වුනත් කාට වුනත් තමන්ගේ රහස් පදය දෙන එක මෝඩ වැඩක්. කවුරුවත් ඔයා තරම් පරිස්සමට ඔයාගේ රහස් පදය පරිස්සම් කරන්නේ නෑ නේ. මතක තියාගන්න ඔයාගේ රහස් පදය, ඔයාගේ ප්‍රතිරූපය අනිත් අය ඉස්සරහ පෙන්වන ප්‍රදර්ශණ කුටියක යතුර වග. ඒ නිසා අනිත් රහස් දේවල් වගේම රහස් වචනයත් පිරිස්සම් කරගන්න.
ගොඩක් ගැහැණු අය කරන තවත් වැරැද්දක් තමයි හැමතැනටම එකම පාස් වර්ඩ් එක පාවිච්චි කරන එක. එයාලා email ලොග් වෙන්නයි ෆේස් බුක් ලොග් වෙන්නයි දෙකටම පාවිච්චි කරන්නේ එකම රහස් වචනය තමයි. මොකද හා හා පුරා කියලා ෆේස්බුක් අකවුන්ට් එකක් හදන්න ගියාමයි මතක් වෙන්නේ තමන්ට ඊ මේල් අකවුන්ට් එකකුත් නැති බව. ඉතින් හිටු කියලා ඒකත් හදනවා. පස්සේ දෙකටම දාන්නේ එකම පාස් වර්ඩ් එක. ඒක ලේසියි නේ. ලේසියෙන් අමතක වෙන්නෙත් නෑ නේ. එහෙමත් කරලා හදිස්සියෙවත් අමතක වුනොත් කියලා කොහේහරි ලියලා හරි ෆෝන් එකේ සේව් කරගෙන හරි තියාගන්න කට්ටියත් මම දැකලා තියෙනවා. හදිස්සියෙවත් ෆෝන් එකේ තිබිලා හරි කොහොම හරි පාස්වර්ඩ් එක හරි හමන් කෙනෙක්ට ලැබුනොත් ඊ මේල් එකත් ඉවරයි. ෆේස් බුකියත් ඉවරයි. මොකද ඊ මේල් අකවුන්ට් එක නැතුව ආපහු බුකිය අපේ අතට ගන්න අමාරුයි. අන්තිමට බුකියෙන් සෙට් කරගත්ත මඟුලත් ඉවරයි. 

බලධරයා කපා හරින ලදී_Deleted Scene


මේ පෝස්ට් එක පොලීසියේ කෙනෙක් බලනවා නම් සමාවෙන්න ඕන. ඒත් මම සමාව ඉල්ලන්නේ නෑ. මොකද බහුතරයක් පොලීසියේ අය හැසිරෙන විදිය අනුව මටනම් පොලිස්කාරයෝ ඔක්කොම එකයි.(පොලිස් නිළධාරින් කියලා කියන්න හිත දෙන්නේ නෑ)


මේ සිද්ධිය වුනේ මම උසස් පෙළ හදාරන කාලේ. ඒ කියන්නේ දෙදහස් නවය වසරේ පෙබරවාරී මාසේ දවසක. ඒ දවස් වල මම පාඩම් කරේ යාළුවෙකුගේ ගෙදර ගිහින්. මම පාඩම් කරන්න යන ගෙවල් දෙකක් තිබුනා. එකක් අපේ අල්ලපු ගෙදර. එදා මම එහේ පාඩම් කරන්න හිතාගෙනයි ගෙදරින් ගියේ. ඒහෙට ගිහින් ටික වෙලාවක් පාඩම් කරලා කොළ වගයක් ෆොටෝ කොපි කරන්නයි එයාටෙල් සිම් එකක් ගන්නයි හිතාගෙන මම ඒ ගෙදරින් කඩේ ලඟට එන්න ආවා. වෙලාව යන්තම් රෑ 7ට විතර ඇති. මම ආවේ බයිසිකලේ. ඒත් මීටර් 100ක් යන්න වුනේ නෑ බයිසිකලේ රෝද කැරකෙන්නේ නැති වුනා. මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ. බ්රේක් බයින්ඩ් වෙලත් නෑ. කොහොම හරි කළුවරේ අතපත ගාන එක් තේරුමක් නැති නිසා මම ආපහු ගිහින් බයිසිකලේ අර අල්ලපු ගෙදර යාළුවට දීලා ආපහු ඒ පාරෙම ආවා. පාර නම් කට්ට කළුවරයි. ඒත් මොකට බය වෙන්නද. ඒ අපේ ගම. එහෙම හිතාගෙන මම ෆෝන් එකෙත් සින්දුවක් දාගෙන ආවා. කඩේට යන පාර වැටිලා තිබුනේ වෙලක් මැදින්. වෙලක් මැදින් කිවුවට හිතන්න එපා මේ හද්දා පිටිසර පැත්තක කියලා. ඒක වාහන යන තාර පාරක්.


කොහොම හරි මම පාරේ මැදක් හරියට යනකොට මාව පහුකරගෙන ත්‍රීවීලර් එකක් ගියා. රතු පාට ත්‍රී වීලර් එකක්. ඒ ත්‍රීවීල් එක මාව පහු කරන් ටික දුරක් ගිහින් නවත්තනවා මට ඇහුනා. කෝකටත් කියලා මම පිටි පස්ස බැලුවේ අහල පහළ කවුරුවත් හිටපු නැති නිසයි. අනික කළුවරේ නේ. එතන තුන් දෙනෙක් හිටගෙන හිටියා. ඩෙනිමයි ටීෂර්ට් ඇඳන් හිටපු උන් තුන් දෙනාගෙම අතේ පොලු කෑලි තියෙනවා හෙඩ් ලයිට් එකේ එළියෙන් මම දැක්කා. කෝකටත් කියලා අඩිය ඉක්මන් කරලා මම යන්න හදනකොට උන් ටික “අඩෝ ඔහොම නැවතියන්“ කියාගෙන මගේ පස්සේ දුවගෙන ආවා. මොන හත්ඉලව්වක්ද මේ..? කියලාවත් මට හිතාගන්න වුනේ නෑ. මමත් හිටු කියලා දිවුවා. හිනා වෙන්න එපා යකුනේ. උඹලට වුනා නම් චූ ගිහින් මැරෙන්නේ. අවාසනාවකට මට වැඩිදුර දුවන්න වුනේ නෑ මගේ කකුල පැටලිලා මම පාර මැද්දෑවේ ගෙම්බා ගැහුවා වගේ වැටුනා.


Related Posts Plugin for WordPress, Blogger...