කුරුල්ලා ස්ලිට් (SLIIT) යයි

ඔන්න ඉතිං කුරුල්ලා නමෝ විත්තියෙන් වැඩක් පටන් ගත්තේ ය. කුරුල්ලාගේ උසස් පෙළ ප්‍රතිඵල හිතපු තරම් හොඳ වුනේ නැති නිසා කුරුල්ලා නන්නත්තාර වුනා නෙව. කර කියාගන්න දෙයක් නැතුව පෙ‍ඳේ අධෝ මුඛේ ගහගෙන කල්පනා කරපු කුරුල්ලට SLIIT කියන නම දැනගන්න ලැබුනේ කොළඹ කාක්කෙක්ගෙන් ය. ඒක විස්ස විද්දියාලයක්ලු ඕං. කොළොං පුරේ මොණර මොණරියොලු යන්නේ. මේ කුරුල්ලා මොණරෙක් දකින්නවත් නැති එකෙක් වුනත්, ඕන පෙඳයක් පාන් පෙත්තක් කියලා හිතලා ඒ විස්ස විද්දියාලෙට සෙට් වුනා ය. ( මොණර කොළ හොයාගන්නත් සිරි ගේමක් දෙන්න වුනි ය. ඒ ගැන පස්සේ කියන්නෙමි )


අෆ්ෆට සිරිවෙන තැනක් නෙව ඒක. කිරි අප්පට හුලං ගහපි. දත් සැට් එක පූට්ටුවෙන හීතලක් බං ඒකෙ තියෙන්නේ. අපේ ගෙදර වහළෙ හිල් වලින් වතුර වැටුනට ඒකේ හිල් වලින් එන්නේ හුලං ය. ඇතුලට ගිහින් පඩියක් උඩ වාඩි වෙලා හිටියත් සැප ය. හැබැයි මේකේ පඩි පේළිය නං හිටු කියල දුවන්නේ ය. අඩියක් ගහන්න බැරි ය. නිකං හරි කෙළ වෙලා වැට්ටොත් අමුඩෙත් එක්කම මාට්ටුය. ඒ නිසාම පුටුවක් ඇදගෙන වාඩි වුනේ බස් එකේ ඇවිත් පොට පැනල තිබ්බ අඬු පඬු ටිකක් සෙට් කරගෙනම කන්ද නගින්න හිතාගෙන ය. තට්ටු 15ක් නඟින එකත් ලේසි කෙළියක් නෙවෙයි නෙව.


හීතලටමද කොහෙද සිරිවෙන්න මූත්‍රා බරක් සෙට් වෙලා ය. ඕකත් තද කරගෙන මේ අටමගල නගින්න ගියොත් තව කෙළියක් ය. මෙච්චර කාලයක් ගහක් මුලට ගිහින් බර හෑල්ලු කරගත්ත මට මොන වැසිකිලි ද. සිහිල් සුවය විඳිමින් ඒ ලබන සැහැල්ලුව මට සිලිටුය. ඉස්කෝලෙ ගියත් වැස්සකට මිස වැසිකිළියට නොගිය මට වැසිකිලි අප්පිරිය ය. ඒත් මේ අහල පහළක ගහක් තියා ගහක මුලක්වත් නැත. දැන් ඉතින් මට දෙයියන්ගේම පිහිට ය. දෙයියොත් උඩ තට්ටු වල ය.




එක් සැරේට පතංගර යකඩ දොරක් මා සිටි තැනට නොබෝ දුරින් විවර විය. මට හැඟුනු හැටියට නම් එය විදුලි සෝපානයක් විය යුතුය. විදුලි සෝපාන ගැන කනින් කොනින් අසා තිබූ මුත් හීනයකින්වත් දැක නැත. අපෝ දැන් නම් හීනවලත් කිසි ආතල් එකක් නැත්තේ ය. හීනේ හොඳම හරිය කොටු කොටු ය. දුම්කොළ හා මත් ද්‍රව්‍ය පිළිබඳ රජයේ රෙගුලාසි ඒ තරමට තදය. අල්ලපු ගෙදර ටීවී එකේ ෆිල්ම් එකක් බලද්දී වුන සිද්ධියක් මට තාම මතක ය. කෙල්ල කොල්ලා ඇදගෙන කාමරයට ගියා පමණි ටීවී එකේ කොටු කොටු ය. ඒ එහි සටහන් වුනේ “ මෙය මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලදී“ කියා ය..?
පෙර කී දොර වැසුනු අතර වෙනත් දොරක් විවර වුනා ය. ඉතින් මම සෝපානය දෙසට වැඩියේ හිටු කියා ය. අෆ්ෆට සිරි…., සික්කා මාව දක්කාගෙන ආවේ ය. මමත් හිටු කියා දුවන්නේය. ඌත් හිටු කියා පස්සෙන්මය. විශාල ශාලව මැද තබා තිබූ  මේස පේළිය වටේ දෙන්නා මැරතන් ය. මා කළ වරදක් නැතිමුත් පුරුද්දට වාගේ දිව වුනා ය. ගමේ පන්සලෙන් හොරෙන් කුරුම්බා කඩා මාට්ටු වී අම්බානෙක කෑවා මතක ය. කෑවේ නැත වැළදුවා ය. හාමුදුරුවෝ අපිට කැව්වා ය. ඉතින් අපි වැළදුවා ය. හිටු කියා වැඩියා නම් එතරම් වළඳන්න වන්නේ නැත.
අන්තිමේ සික්කා මාව අල්ලා ගත්තා ය. ඒහෙත් මට නෙලුවේ නැත. මා අල්ලාගෙන විත් දෙකේ හතරේ දොරක් ඇතුලෙන් යැව්වා ය. පෙනෙන හැටියට මෙහේ සික්කන් අපේ හාමුදුරුවන්ටත් වඩා හොඳ ය. ඒ නිසාම මම සික්කාට නිවන් සුව පතා සෝපානයට ගොඩ වැදුනා හුය. දැන් නම් මම අම්බානෙක චුම්බක බල රේඛා වේ (චූ. බ. රේ) ය. සෝපානය ඇතුල මිනී පෙට්ටියක් වැනි ය.


ඇත්තටම සිරි වෙන්නේ දැන් ය. සෝපානය ඇතුලේ කෙලි පොඩ්ඩ කි. පොඩ්ඩක් කිවුවා ට දෙකේ හතරේ කෙල්ලෙ කි. මා නවා කිහිල්ලේ ගහගන්නට වුව ද බැරි කමක් නැත්තේ ය. හැබැයි සිරියාවන්ත ය. ඈ සිනාසුනා ය. නැත….. මා තුන් හතර සැරයක් හිනා වුනු නිසා ඇයට හිනා ගියා ය. ඒ සිනහව මට සිළුටු ය. අතේ ඇඟිලි පවා කෙලින් වෙන තරම් ය…..
මතු සම්බන්ධයි….!

6 comments:

  1. හොඳ ආරම්භයක්. දිගටම ලියන්න

    ReplyDelete
  2. අඩේ කූල්ලා අය්යේ උඹ ලියන විදිහනම් මරු ය......

    ReplyDelete
  3. ස්තුති වෙව්වා කොල්ලෝ

    ReplyDelete
  4. අඩේ ඔහොම යං ඔහොම යං!!!!

    ReplyDelete
  5. උබ එදා වගෙ මයි බන්,,.... ඔය පුරුද්ද නැතිවෙන්නෙම නෑ....

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මූණටම කියන්න

Related Posts Plugin for WordPress, Blogger...