මොකක්ද මේ Google Music (beta)

Google Music beta.... මම නම් මේ ගැන දැන ගත්තේ ගොඩක් කලින්. ඒත් Google plus ආගමනයත් එක්ක මට හිතුනා පොඩ්ඩක් Google Music ගැන ආයෙමත් ටිකක් විපරම් කරලා බලන්න. මොකද මට දැන් දැන් හිතෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අනාගතය ටිකෙන් ටික Google දෙසට යොමුවෙමින් තියෙන බව. මගේ ජීවිතේ නම් වැඩිහරියක් ගතවෙන්නේ අන්තර්ජාලයේ. ඉතින් පරිගණකය ඉස්සරහා ඉඳගෙන වැඩක් කරනකොට හරි එහෙමත් බස් එකේ කෝච්චියේ ගමනක් යනකොට හරි මම නිතරම සින්දු අහන්න පුරුදු වෙලා ඉන්නේ. මට විතරක් නෙවෙයි සංගීතය අපි හැමෝටම සමීපයි. ඉතින් ඒ අපි හැමෝටම සමීප සංගීතය Google විසින් වඩාත් සරල ක්‍රමයකට අපිට ගේන්නයි Google Music හඳුන්වා දුන්නේ කියලා කියන්න පුළුවන්.

සරලව කියනවා නම් Google Music හරහා ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ රසාස්වාදනය අනුව හැඩගැහුනු ගීත වලට ලෝකේ ඕනම තැනක ඉඳන් සවන් දෙන්න. Google Music භාවිත කරන්න නම් මුලින්ම ඔයාලට Google account එකක් තියෙන්න ඕන. ඔයාලගේ Google account එක භාවිත කරලා Google Music වලට ඇතුළු වෙලා Google Music Manager මෘදුකාංගය ඔයාලගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න ඕන.  ඒ මෘදුකාංගය හරහා ඔබට හැකියාව ලැබෙනවා ඔබගේ පරිගණකයේ ඇති සියළුම ගීත (හෝ තෝරාගත් ගීත පමණක්) Google Music වෙත upload කරන්න. තවත් දෙයක් නම් ඔයාලගේ iTunes වල ගීත, Windows Media Player හි Play lists වගේ ගොඩක් විධි වලින් ඔයාලගේ Google Music ගිණුමට ගීත එකතු කරගැනීමේ පහසුව Google සමාගම විසින් සලසා දී තියෙනවා. මෙලෙස ගීත upload වීමේ ක්‍රියාවලිය සිදුවෙන්නේ පසුබිමින්. ඒ කියන්නේ ඒ අතරතුරේ දී සාමාන්‍ය පරිදි පරිගණකයෙන් වැඩකටයුතු සිදුකරන්න ඔයාලට අවස්ථාව ලැබෙනවා. තවත් දෙයක් නම් පරිගණකයට අප ගීත ඇතුලත් කළ විට එම ගීත ස්වයංක්‍රීයව Google Music වෙත upload වීම ද සිදුවන ලෙස සකස්කිරීමට හැකිවීම මෙහි විශේෂත්වය යි.
අනතුරුව Google Music වෙත අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා ඔයාගේ නිවසේ පරිගණකයේ ඇති ගීත මඟතොට යන එන විට වුවද අහන්න පුළුවන්. Android මෙහෙයුම් පද්ධතිය මත නිර්මාණය වුනු මෘදුකාංගයක් තමයි ඒ සඳහා භාවිත වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අන්තර්ජාල සම්බන්ධතාව නැති වෙලාවක වුනත් ඔයා කලින් එකවතාවක් හරි අහපු ගීත ආයෙමත් අහන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.
ඒත් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ලංකාවට ඒතරම් ගැලපෙන දෙයක් නෙවෙයි කියලා. මොකද ලංකාවේ දැනට Bandwidth වලට ගෙවන්න වෙන මුදල ලෝකේ අනිත් රටවල් එක්ක බලනකොට ටිකක් සැර වැඩියි. ඒත් බලන්නකෝ කාලයත් එක්ක ගොඩක් අඩු මුදලකට අන්තර්ජාලය භාවිතකරන්න අපිට අවස්ථාව ලැබේවි. එතකොට නම් මේ නිර්මාණය ගොඩක් වැදගත් වේවි. මම කලින් කියපු හේතුව නිසාමද කොහෙද දැනට නම් මේ Google Music භාවිත කරන්න ලංකාවේ අපිට අවස්ථාව නෑ. දැනට පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයේ අයට විතරයි. ඒත් ලඟදිම ඒවි. බලාගෙන ඉන්නකෝ.



ආ මේකට ඍජුවම අදාල නැති වුනත් මේකත් කියන්න ඕන.... මම Google Plus වලට, Google Music වලට, Google හැම අන්තර්ජාල සේවයක්ම එක්තැනකට ගේන්න හදන එකට ගොඩක් කැමතියි. ඒත් ගොඩක් අය මට කියන්නේ මට ඉස්සෙල්ලා ආපු කණට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙලා ලු. මොකද එයාල කැමති නෑ Facebook දාලා යන්න. ඒත් මම කියන්නේ Facebook එකටම ඇලිලා ඉන්නේ නැතුව ටිකක් වෙනස් වෙන්න බලන්න. මම දන්නවා කවුරුත් වෙනස් වෙන්න අකමැතියි. අවස්ථිතිය කියන්නේ ඕකට නේ. ඒත් වෙනස් වෙන්න උත්සහ කරන්න. අලුත් විදියකට හිතන්න. ඉස්සර ඉඳන්ම ලෝකයම වෙනස් කරන්න උර දුන්නේ වෙනස් විදියට හිතපු පුංචි මිනිස්සු බව මතක තියාගන්න.

Facebook හරහා video call ගනිමු


Facebook සහ Skype සමාගම් එකතුවත් සමඟ Video Call සේවාව ලොවට හදුන්වා දී තිබේ.



මෙම සේවාව නොමිලයේ බෙදාහරින අතර මේ සදහා ඔබේ පරිඝණකයේ කුඩා මෘදුකාංගයක් ස්ථාපිත කරගැනීම අත්‍යවශයවේ.එය ස්ථාපිත කිරීමෙන් පසු ඔබගේ Web බ්‍රවුසරය මගින් එම මෘදුකාංගය හා Facebook සමග ඔබ සම්බන්ධ කර Video Call පහසුකම ලබ දෙයි.

Video Call සේවාව අත්විඳිම සදහා මෙම වෙබ් ලිපිනයට ගොස් එතැනින් ලබාදෙන මෘදුකාංගය පරිඝනකයේ තැන්පත් කර ගෙන එය පරිඝනකය සමග සම්බන්ද කල පසු ඔබගේ Facebook Chat Box එක මෙලෙස වෙනස් වනු ඇත.


Online Chat ෆෝරමය තුලින් ඔබට ඇමතීමට අවශ්‍ය පුද්ගලයා තොරා ඔහුගේ Chat Box එකෙහි එම කැමරා සලකුණ එබීමෙන් අනතුරුව ඔබට ඔහු හා වාචික මෙන්ම දෘශ්‍යමය සංවාදයේ යෙදිය හැකිය

අවශ්‍යය කෙනාගේ Profile එකට පිවසීමෙන්ද මෙම අලුත් උපක්‍රමය භාවිතා කර හැක.මෙම අලුත්ම උපක්‍රමය CNN සමාගම සිය ප්‍රවෘත්ති ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිතාකරන්නට පහසුකම් සලසමින් පවතී.එනම් සිය නරඹන්නන්ටද සජීවී ලෙස ප්‍රවෘත්ති මැදිරිය හා සම්බන්ධ වී හදිස්සි ප්‍රවෘත්ති සදහා එකතුවිමේ අවස්ථාව සැලසේ.

අන්තර්ජාල විචාරකයින් පවසන අකාරයට මෙම අලුත් අයිතමය Facebook And Skype විසින් Google සමාගමේ Google+ වෙත ලබා දෙන පිළිතුරක් ලෙසත් සිය Facebook ග්‍රහකයින් තවතවත් Facebook වෙත නතුකරගැනීම සදහාත් දරණ ලද උපායක් ලෙසයි.තවම මෙම සේවාව පරීක්ෂණ මට්ටමේ පවතින බවධ මුල් දින වලදී මෙය භාවිතයේදී යම් යම් දෝශ ඇති විය හැකි බව Facebook පාලනාධිකාරිය පෙන්වා දෙයි.

වැඩි විස්තර සඳහා http://www.facebook.com/videocalling

Facebook යාළුවෝ ඔක්කොම එකසැරේ Google+ වලට එකතු කරගනිමු


Google+ වලට ඉක්මනින්ම මාරුවෙන්න නේ කවුරුත් බලාගෙන ඉන්නේ. එත් Google+ ආපුවම යාළුවො කවුරුවත් නැතුව පාළු හිතෙයි නේ. කොහොමද ? facebook එකේ ඔක්කොම යාළුවෝ එකසැරේට Google+ වලට එකතු කරගන්න තියෙනම්. මෙන්න ඒකට මරු ක්‍රමයක්. ඇත්තටම ලේසි ක්‍රමයක් කලින් නම් තිබුනා. මම මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ටික CSV ‍ෆයිල් එකකට දාගත්තේ ඒ Google chrome extension එකෙන්(ඊයේ) . ඒත් අද වෙනකොට ඒ chrome extension එක facebook එකෙන් බ්ලොක් කරලා. ඒ නිසා මෙන්න වෙන ක්‍රමයක්.

පියවර 1 :
මුලින්ම ඔයාලගේ Yahoo Mail එකට යන්න. දැනට yahoo account එකක් නැත්නම් හදලා හරි යන්න. ගිහින් "Contacts" tab එකේ Actions වල තියෙන "Import contacts" කියන මෙනු එක තෝරන්න. එතන තියෙන ඒවගෙන් facebook අයිකනය තෝරගන්න පුළුවන් නේ. පස්සේ ඔයාගේ facebook එකට යන්න Yahooට අවසර ලබාදීම තමයි කරන්න තියෙන්නේ. ඔන්න දැන් වැඩේ හරි. Yahoo ඔයාට ඔයාගේ facebook යාළුවොන්ගේ නම් සහ ඊ මේල් ලිපින ටික එකතු කරගනීවි.
දැන්ම facebook Contacts ටික කොහොට හරි එකතු කරගෙන තියාගන්න. මොකද ඉස්සරහාට සකර්බර්ග් අයියා මොන පිස්සුවක් නටයිද දන්නේ නෑ නේ.

පියවර 2 :
මේ පියවර නම් දැන්ම කරන්න වෙන්නේ නෑ. ඒත් දැන්ට කියවලා මතක තියාගන්න. Google+ ආවම ගිහින් log in වෙන්න. දැන් දකුණු පැත්තේ sidebar එකේ View and edit කියන button එක click කරන්න. ඊලඟට next window එකේ "Find and invite" click කරන්න. එතනින් "Yahoo" click කරලා කොන්දේසි වලට එකඟ වෙන්න විතරයි තියෙන්නේ. දැන් ඔයාගේ Yahoo Contacts ඔක්කොම Google+ එකට එකතු වේවි. (ඇත්තටම නම් ඉතින් facebook Contacts තමයි)


දැන්ම facebook Contacts ටික කොහොට හරි එකතු කරගෙන තියාගන්න. මොකද ඉස්සරහාට සකර්බර්ග් අයියා මොන පිස්සුවක් නටයිද දන්නේ නෑ නේ. කොහොම වුනත් මිනිහා හොඳ මිනිහා. නියම මොළකාරයා. හැබැයි Google ට ගහන්න දැන් අමාරුයි. මොකද Google ජාලය හැම පැත්තකින්ම විහිදිලා තියෙනවා. ඉතින් කවුද කැමති එක හොඳ සාප්පු සංකීර්ණයක් තියෙද්දී එක දෙයක් විතරක් ගන්න වෙන කඩේකට යන්න. ඒ සාප්පු සංකීර්ණයේ අර කියපු දෙයත් තියෙනවා නම් පොඩි කඩේ නිකංම වහන්න වෙනවා නේද?

Blogger සහ Picasa නුදුරේදී අවසන් ගමන් යයි...!


Google සමාගම Google නොවන නාමයන් ඇති තම නිපැයුම් වල නාමයන් Google නිපැයුම් ලෙස නැවත නම් කිරීමට බලාපො‍රොත්තු වෙනවා. මේ යටතේ Blogger හා Picasa වෙබ් අඩවි නාමයන් වෙනසකට ලක්වේ. Google+ ව්‍යාපෘතිය හඳුන්වා දීමේ එක් පියවරක් ලෙස මෙම පියවර ගන්නා බවයි ගූගල් සමාගම පවසන්නේ.

නමුත් මේ හේතුවෙන් Blogger හෝ Picasa වෙබ් අඩවි වල අන්තර්ගතයන්ට කිසිදු අයුරකින් බලපෑමක් සිදු නොවන අතර එම වෙබ් අඩවි වල නම් පමණක් වෙනස් වෙනු ඇත. මේ අනුව Blogger වෙනුවට “Google Blogs”Picasa වෙනුවට “Google Photos” යන නම් භාව්ත කරනු ඇති.

මෙලෙස තවත් ගූගල් නිෂ්පාදන කිහිපයකම නම් වෙනස් වනු ඇති නමුත් YouTube වෙබ් අඩවිය කිසිදු වෙනසකට භාජනය නොවන බවයි අභයන්තර ආරංචි මාර්ග පවසන්නේ. මෙම නැවත නම් කිරීම තුලින් දැනට Google භාවිතකරන පාරිභෝගිකයන්ට යම් අපහසුතාවක් සිදු වුවත් මෙය වැඩිපිරිසක් Google+ හා එක්කාසු කරගැනීමට Google සමාගම විසින් යෙදු උපක්‍රමයක් ලෙස සැලකිය හැක.

Blogger වෙනුවට “Google Blogs”Picasa වෙනුවට “Google Photos” ලෙස වෙනස් වීම ඉදිරි මසක් කාලසීමාවක් ඇතුලත සිදුකිරීමට නියමිතයි. කෙසේවෙතත් මේ මස එනස් ජූලි මස 31 වන දින  Google+ මහජන භාවිතය සඳහා නිකුත් කෙරෙන බැවින් ඊට පෙර මෙම වෙනස සිදු වනු ඇත.

අද ලියපු විදිය ටිකක් විතර ෆෝමල් නේ. ගනන් ගන්න එපා ෆෝමල් දේවල් ෆෝමල් විදියට ලියන්න එපැයි. මොනවා වුනත් මට හි‍තෙන හැටියට නම් අන්තිමට Internet කිව්වොත් Google තමයි කියන තත්වෙට පත්වෙන දවස වැඩි ඈතක නෙවෙයි.
Related Posts Plugin for WordPress, Blogger...