රහස් දේ රැකගන්න | කෙල්ලන්ට පමණයි


ලංකාව දියුණුයි ලු. ඒත් අද ලංකාවේ වැඩිපුරම ඉන්නේ Internet explorer වලින් යන්තං අමාරුවෙන් Google හොයගෙන ගිහින් search box එකේ www.facebook.com කියලාම ගහලා facebook එකට ගොඩවෙන පිරිසක්. දවස පුරාම අන්තර්ජංජාලයේ සැරිසරනව වගේම එක එක පන්තිවල මිනිස්සුත් එක්ක ගොඩක් ගණුදෙනු කරන නිසා මම ඒ ගැන හොඳට දන්නවා. කොටින්ම කියනවා නං අපේ වැඩිදෙනෙක් අන්තර්ජාලයට ගොඩවදින්නේම මූණුපොතේ කරක් ගහන එකම සහ පරම පිවිතුරු චේතනාවෙන්. මේ පිරිසෙන් සියයට 60ක පමණ පිරිසක් පිරිමි අය. සියයට 35ක් පමණ පිරිසක් ගැහැණු අය. එතකොට ඉතිරි සියයට 05...? නෑ ඒගොල්ලෝ නපුංසකයෝ නෙවෙයි. කාන්තාවන් වගේ පෙනී සිටින පිරිමි අය ඒ ගොඩට වැටෙනවා.
මේ අතරින් බුකියෙදී (ෆේස්බුකියේදී) වැඩිපුරම අනාගන්නේ ගැහැණු අය තමයි. මොකද පිරිමි ළමයි යන්තං උගුරු දණ්ඩ මෝදුවෙන්න පටන් ගන්න කොටම කැෆේ අස්සේ රිංගලා එක එක ජරමල කරලා කොහොම කොහොම හරි යන්තං අන්තර්ජාලයේදී තමන්ගේ ජන්මේ බේරගන්න දන්නවා. ඒත් ගැහැණු අය නොදැනුවත්කම, නොසැලකිල්ල සහ මෝඩකම නිසා නිකරුනේ අමාරුවේ වැටෙනවා. (මෝඩයි කිව්වට තරහා ගන්න එපා. මේක කියවලාම බලන්නකෝ මෝඩ නැත්ද කියලා)
ඉතින් මම කියන්නම් ගොඩක් ගෑණු ළමයින් වරද්දගන්න තැන් කිහිපයක්.


Password/රහස් පදය භාවිතය


Password එහෙමත් නැත්නම් රහස් පදය කියන්නේ රහසේ තියාගන්න දෙයක්. ඒක තමන් විතරයි දැනගන්න ඕන. ඒත් සමහර අය ඉන්නවා තමන් දන්න අයට එක එක හේතු නිසා රහස් පදය දෙන. සමහරු තමන් ගොඩක් ආදරෙයි කියලා පෙන්නන්නත් තමන්ගේ බුකියේ රහස් පදය දෙනවා. කොහොම වුනත් කාට වුනත් තමන්ගේ රහස් පදය දෙන එක මෝඩ වැඩක්. කවුරුවත් ඔයා තරම් පරිස්සමට ඔයාගේ රහස් පදය පරිස්සම් කරන්නේ නෑ නේ. මතක තියාගන්න ඔයාගේ රහස් පදය, ඔයාගේ ප්‍රතිරූපය අනිත් අය ඉස්සරහ පෙන්වන ප්‍රදර්ශණ කුටියක යතුර වග. ඒ නිසා අනිත් රහස් දේවල් වගේම රහස් වචනයත් පිරිස්සම් කරගන්න.
ගොඩක් ගැහැණු අය කරන තවත් වැරැද්දක් තමයි හැමතැනටම එකම පාස් වර්ඩ් එක පාවිච්චි කරන එක. එයාලා email ලොග් වෙන්නයි ෆේස් බුක් ලොග් වෙන්නයි දෙකටම පාවිච්චි කරන්නේ එකම රහස් වචනය තමයි. මොකද හා හා පුරා කියලා ෆේස්බුක් අකවුන්ට් එකක් හදන්න ගියාමයි මතක් වෙන්නේ තමන්ට ඊ මේල් අකවුන්ට් එකකුත් නැති බව. ඉතින් හිටු කියලා ඒකත් හදනවා. පස්සේ දෙකටම දාන්නේ එකම පාස් වර්ඩ් එක. ඒක ලේසියි නේ. ලේසියෙන් අමතක වෙන්නෙත් නෑ නේ. එහෙමත් කරලා හදිස්සියෙවත් අමතක වුනොත් කියලා කොහේහරි ලියලා හරි ෆෝන් එකේ සේව් කරගෙන හරි තියාගන්න කට්ටියත් මම දැකලා තියෙනවා. හදිස්සියෙවත් ෆෝන් එකේ තිබිලා හරි කොහොම හරි පාස්වර්ඩ් එක හරි හමන් කෙනෙක්ට ලැබුනොත් ඊ මේල් එකත් ඉවරයි. ෆේස් බුකියත් ඉවරයි. මොකද ඊ මේල් අකවුන්ට් එක නැතුව ආපහු බුකිය අපේ අතට ගන්න අමාරුයි. අන්තිමට බුකියෙන් සෙට් කරගත්ත මඟුලත් ඉවරයි. 
අනිත් දේ තමයි තමන්ගේ නමේම කොටසක්, තමන්ගේ දුරකථන අංකය හෝ හැඳුනුම්පත් අංකය වගේ කෙනෙකුට පහසුවෙන් හොයාගන්න එහෙමත් නැත්නම් උපකල්පනය කරන්න පුළුවන් දෙයක් රහස් වචනය විදියට භාවිත කරන එක. තමන්ගේ පෙම්වතාගේ නම රහස් පදය විදියට භාවිත කරන අයත් ගොඩක් ඉන්නවා. එයාලා එහෙම කරන්නේ එතකොට ෆේස්බුක් ලොග්වෙන හැම වෙලාවකම එයාව මතක් වෙන නිසා ලු.හැබැයි කොල්ලව මතක් කරන් බුකියට ගියාට මොකද බුකියෙදී රටේ නැති කොල්ලෝ එක්ක රට වටේ යනවා. හැමෝම එහෙම නෑ. ඒත් එහෙම අය මම අනන්තවත් දැකලා තියෙනවා. හොඳම උදාහරණයක් තමයි මේක. දවසක් අපේ ඔෆීසියේ කෙල්ලෙක් මට උදේ වැඩට එද්දී බස් එකේදී හම්බවුනා. එයා මගෙන් අහනවා එයාට තව ෆේස් බුක් අකවුන්ට් එකක් හදලා දෙන්න පුළුවන් ද කියලා. එයා කියනවා එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එයා වෙන කොල්ලොත් එක්ක චැට් කරනවට කැමති නෑ ලූ. මමත් ඉතින් හා කිවුවා. මට මොකෝ. ඒත් එයා එදා අවෙ නෑ හොර එකවුන්ට් එකක් හදාගන්න. පස්සේ හවස වැඩ ඇරිලා යද්දීත් මට එයාව ලිෆ්ට් එකේදී හම්බවුනා. ඒත් එයා කියනවා දැන් එයාට කව ෆේස් බුක් අකවුන්ට් එකක් ඕන නෑ ලූ. මම හිතුවේ එයාගේ බෝයි එයාට නිදහස දෙන්න ඇති කියලා. ඒත් බැලින්නම් මේකි ඒ කොල්ලත් එක්ක තරහා වෙලා ඒ කොල්ලව ෆේස් බුක් එකේ බ්ලොක් කරලා. ඕන්න ඕකයි තත්වේ.


අප්පා...පොස්ට් එක් හිතුවට වඩා දික් වුනා. ඒ නිසා දැනට මෙතනින් නවතිනවා. ඉක්මනටම ඔයාල කරන තවත් වැරදි ටිකක් ගැන කථාකරන්නම් කෝ. ඉතිරි ඒවත් මම දාපු ගමන් කියවන්න ඕන නම් ෆලෝ පාරක් දාලා යන්න. අනිත් එක ඔයාලගේ අදහස් එහෙමත් පහලින් ලියලා යන්න. මට වඩා කියන්න දේවල් ඔයාලට තියෙන බව මම දන්නවා.


11 comments:

  1. ඇත්ත තමයි. සමහරු පාස්වර්ඩ් එක ඉල්ලුවාම පට ගාලා දෙනවා. ආයේ හිතන්නේ නෑ මොනා වෙයිද කියලා.

    ඒ හින්දම පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. පාස්වර්ඩ් එක වෙන කෙනෙක් අතට ගියාම තමන්ට මොනා වෙයිද කියලා.

    ReplyDelete
  2. ලොවෙත් නෑ.. ඇයි අනිත් කාලකන්නින්ට ගෙස් කරන්න බැරි මුරපදයක් දාන්නත් අමතක කරන්න එපා...

    ReplyDelete
  3. කතාව ඇත්ත.... මම ඔය ගැන කලින් ලියපු post එකක් තියනවා කැමති අය කියවන්න.......

    මූනුපොත පරිස්සමින් පාවිච්චි කරන්නේ කොහොමද?

    ReplyDelete
  4. කොල්ලා එහෙම කියන්නේ අතදැකීමෙන් වගේ

    ReplyDelete
  5. කෙල්ලො ගැන නම් ඔය කතාව සෑහෙන දුරට ඇත්ත.මම අපිත් එක්ක එකම බැජ් එකේ අයි ටීම කරපු කීදෙනෙක්ගෙන් කතා කරලම පාස්වර්ඩ් හොයාගන තියනවද :D

    ReplyDelete
  6. අති උපරිමයෙන් චාටර් [ හැමෝම නෙවෙයි]

    ReplyDelete
  7. ගනං ගන්න එපා බං.නියම පෝරියල් එක...

    ReplyDelete
  8. නියමයි.....

    ReplyDelete
  9. ඔයා හරි කුරුල්ලෝ... ඒත් ඔය වැඩෙ කරන්නෙ කෙල්ලො විතරක් නෙවෙයි. මීට වඩා මෝඩ කොල්ලොත් ඉන්නව.

    ReplyDelete
  10. මටත් දුන්න බන් කෙනෙක් ,,..... මන් නිසා හොදයි......!!

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මූණටම කියන්න

Related Posts Plugin for WordPress, Blogger...